සෞඛ්‍ය ඇමැතිකම දෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බව කියමින් ප්‍රකාශ නිකුත් කළ රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුවට ප්‍රශංසා කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට අද දිනයේ දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.
රට පුරා විසිරී සිටින පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින සජබ අපේක්ෂකයන් මෙසේ අද දිනය පුරාම විපක්ෂනායකවරයාට ඇමතුම් ලබා දෙමින් මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමා ඇති බව දැනගන්නට ඇත.
අද දින විපක්ෂනායකවරයා හම්බන්තොට ප්‍රදේශයේ සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි අතර එහිදී හමුවූ ආසන සංවිධායකවරුන් පවා විපක්ෂනායකවරයාට මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමා ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම ආණ්ඩුව සමග ඩීල් දමමින් තවත් මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ නම් ඔවුන්ද පක්ෂයෙන් ඉවත් කිරීමට නොපමාව කටයුතු කරන ලෙසද ඔවුන් විපක්ෂනායකවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කොට ඇති බවද පැවසේ.










