විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා රෝගය වැළදීමට හේතුව වශයෙන් මේ වනවිට අනාවරණය වී ඇත්තේ කොරෝනා එන්නත ලබා නොගැනීම බව පක්ෂයේ සියලු දෙනාගේම මතය වී ඇත.
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත විද ගැනීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දුන්නද විපක්ෂනායකවරයා මුල් අවස්ථාවේදීම කියා සිටියේ රටේ ජනතාවට එන්නත විදින තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවකි.
ඒ ඉකුත් මාර්තු 3 වැනි දිනය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමන්ට කොරෝනා වැලදුණත් රෙද්දක් ඇදගෙන පෝලිමෙන් පැන එන්නත විද නොගන්නා බවකි.
නමුත් පක්ෂ විපක්ෂ මැතිඇමැතිවරුන් අතිබහුතරයක් කොරෝනා එන්නත විද ගැනීමට පියවර ගෙන තිබිණ.










