ජනතාවට දෙන තෙක් තමන් එන්නත විදගන්නේ නැති බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
කෙසේවෙතත් විපක්ෂනායකවරයා මුල සිටම සිටි ස්ථාවරය වූයේ ජනතාවට එන්නත විද අවසන් වන තෙක් තමන් එන්නත විද නොගන්නා බවකි.
විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදීද ඒ බව අවධාරණය කර සිටියේය.
නමුත් රටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මුල් අදියරේදීම මැතිඇමැතිවරුන් විශාල පිරිසක් එන්නත ලබා ගත් බවක් දැකගන්නට තිබිණ.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා කියා ඇත්තේ තම බිරිය මෙන්ම තමන්ද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.











