සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට මේ දිනවල අත්සන් ගන්නා ලිපිය වෙනුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්සන් ගැනීමේ කටයුත්ත අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් භාරගෙන ඇත.
ADVERTISEMENT
ඒ අනුව මේ දිනවල රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදාළ ලිපිය රැගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මුණගැසෙමින් ඊට අත්සන් තබන ලෙසට ඉල්ලා සිටින බව දැනගන්නට තිබේ.
මීට පෙරද මෙවැනි ලිපියකට සජිත් පාර්ශ්වය අත්සන් තැබූ අතර ඉන් ඉල්ලා තිබුණේ පක්ෂයේ අපේක්ෂකයා තේරීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද එක් කර ගන්නා ලෙසටය. ඊට මන්ත්‍රිවරුන් 54ක් අත්සන් තබා තිබිණ.