සුගතදාස ගෘහස්ථ පිටියේ ඊයේ (07) පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමෙන් පසු එම පිලේ ප්‍රබලයන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් යළිත් වතාවක් කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට ගොස් තිබේ.
ඒ අනුව ඊයේ සවස කතානායකවරයාගේ නිල නිවෙසට පැමිණි කබීර්-මලික් ඇමැතිවරුන් කතානායකවරයා සමග සාකච්ජා කිරීමට කටයුතු කොට ඇත.
මෙහිදී කරු ජයසූරිය මහතාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙසට මේ දෙදෙනා කතානායකවරයාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර තිබේ.
නමුත් ඉකුත් අවසාථාවේදී මෙන්ම මෙවරත් කතානායකවරයා අවධාරණය කර ඇත්‌තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොමැතිව කිසිසේත්ම සිය සහාය කිසිවකුටත් ලබා දිය නොහැකි බවකි. එමෙන්ම පක්ෂයේ ඉතිහාසය පිළිබදව මෙහිදී දීර්ඝ විස්තරයක් සිදු කර ඇති කතානායකවරයා තමන්ද වරෙක පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු තරන්නට ගොස් මුහුණ දීමට සිදුවූ අමිහිරි අත්දැකීම්ද, අවසානයේදී තමන් පසුපස සිටි ඇතැමුන් තමන් හුදකලා කර ඉවත්ව ගිය ආකාරයද පැහැදිලි කර තිබේ.
එමනිසා පක්ෂය බෙදන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙසත්, පක්ෂය දෙකඩ කිරීම සදහා විවධ බලවේග තිරය පිටුපස ක්‍රියාත්මක වන බවත් මලික්-කබීර් ඇමැතිවරුන්ට කතානායකවරයා පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම සාකච්ජාවද කිසිදු තීරණයකින් තොරව අවසන් වී ඇත.