අද (12) දිනට යෙදී ඇති විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මහසෑ වහන්සේ නමක් සසුනට පූජා කිරීමට නියමිතය.
‘ධම්මපාල නාහිමි සමරු මහා සෑය’ නමින් නම් කොට ඇති මෙම මහ සෑය බලන්ගොඩ මැද්දකන්ද ශ්‍රී පරමනන්දාරාමයේ ඉදි කොට ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ‘සසුනට අරුණ’ වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි යන වැඩසටහන යටතේ මෙම දාගැබ නිර්මාණය කොට ඇත.











