එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමගි ජන බලවේගයේ නව තනතුරු හතරකට පත් කිරීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අද ( 11) කටයුතු කළේය.
ඒ අනුව, අද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බුද්ධික පතිරණ මහතා සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ නව මාතර දිස්ත්‍රික් නායකයා වශයෙන් පත් කරන ලදී.
මංගල සමරවීර මහතා විසින් දරන ලද එම තනතුර හිස් වූයේ ඒ මහතා විසින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමගය.
ඊට අමතරව, සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක, දිස්ත්‍රික් බලය ලත් නියෝජිත, අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයේ බලයලත් නියොජිත සහ මාතර මැතිවරණ කොට්ඨාසයේ බලයලත් නියොජිත වශයෙන් ද පතිරණ මහතාව පත් කරනු ලැබ තිබේ.
බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික්කය සඳහා නායකත්වය සැපයීමට තමන් සූදානම් බවයි.










