• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වෙයි! සජිත් පටන් ගනී! මරික්කාර් ‌තල්ලුව දෙයි! සුජීව කුඩුවෙන්නම ගහයි! I Sri Lanka Latest News

December 31, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වෙයි! සජිත් පටන් ගනී! මරික්කාර් ‌තල්ලුව දෙයි! සුජීව කුඩුවෙන්නම ගහයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිය වන විට සමගි ජන බලවේගය ප්‍රධාන කොටගත් දැවැන්ත දේශපාලන සන්ධානයද කලඑළි බැසීමේ ලකුණු පහළ කොට තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ අසුන්ගත් දින සිටම විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් උත්සාහ කළේ සජබය ප්‍රමුඛ කොටගෙන ගොඩනැගීමට උත්සාහ කළ මෙම සන්ධානය කඩාකප්පල් කිරීමටය. ඒ සඳහා ගත් විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු අවස්ථා ගණනාවකදීම මෙම තීරයෙන් අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. ඒ සඳහා විවිධ පුවත් පළකළ ආකාරය, විවිධ පුද්ගලයන් උපයෝගී කරගත් ආකාරය, එම මෙහෙයුම් අසාර්ථක වූ ආකාරය ආදිය වරින් වර අපි මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු.Sri Lanka Latest News

මේක දෙන්නම්!

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා සජබය සමග සන්ධානගත වීමට සාකච්ඡා පැවැත්වූ ප්‍රධානම කණ්ඩායමක් වූයේ ඩලස් ප්‍රමුඛ නිදහස් ජනතා සභාවේ 13 දෙනාය. මෙහිදී එහි සිටින අති බහුතරයක් සජබය සමග කෙළින්ම සම්බන්ධ වීමට තීරණය කර ඇති නමුත් ඩලස් අලහප්පෙරුම හා චරිත හේරත් යම් යම් හේතු මත සජබයට එක්වීම පමා කිරීමට කටයුතු කොට තිබිණි. එහිදී ඩලස්ගේ ප්‍රශ්නය වී තිබුණේ ඔහු විසින් නව සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය ඉල්ලා සිටීමය. නමුත් සජබය එහිදී පෙන්වා දී තිබුණේ මෙම සන්ධානය තුළ පක්ෂ ගණනාවක් සිටින බැවින් නියෝජ්‍ය නායක තනතුරක් ඩලස්ට ලබාදිය නොහැකි බවය. විශේෂයෙන්ම රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන් වැනි පක්ෂ නායකයන් රැසක් සිටියදී ඩලස්ට නියෝජ්‍ය නායකත්වය ලබාදිය නොහැකි බවත්, නායකයා ප්‍රමුඛ නායකත්ව මණ්ඩලයක් මෙම සන්ධානය තුළ නිර්මාණ්‍ය වන බවත් එහිදී සජිත්ගේ පැත්තෙන් කියවිණි. නමුත් ඩලස් එම තනතුර දිගින් දිගටම ඉල්ලා සිටි නිසා අවසානයේදී සජබය මැද තැනකට ඇවිත් යෝජනා කළේ එසේ නම් නව සන්ධානයේ ප්‍රධාන කැඳවුම්කරු ධුරය ඩලස්ට ලබාදිය හැකි බවය. නමුත් ඩලස් ඊට එකඟතාව පළකළේ නැත. ඒ අනුව සන්ධානයේ සාකච්ඡාවලින් ඩලස් ඉවත් වූ අතර, ඒ සමගම මහාචාර්ය චරිත හේරත්ද ඉවත් වීමට පියවර ගෙන තිබිණි. චරිතගේ යෝජනාව වී තිබුණේ දැන්ම සන්ධානයට එකතු වුවහොත් එය සජබයට වාසියක් වනු ඇති බවත්, ජනාධිපතිවරණයට මාසයක් පමණ තබා එකතු වුවහොත් එය නිදහස් ජනතා සභාවට වාසියක් වනු ඇති බවත්ය.

මෙසේ ඩලස් හා චරිත සාකච්ඡාවලින් ඉවත් වුවද ජී.එල්. පීරිස් අනෙකුත් කණ්ඩායම සමග සජබය සාකච්ඡාවල දිගින් දිගටම නිරත වී සිටියේය. ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේ නියත වශයෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත්, ඊට මාස දෙකකට පසු මහ මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්, එම නිසා දැන්ම තියා නව සන්ධානය බිහිකළ යුතු බවත්ය.

සන්ධානයේ පිල්ලි!

කෙසේ වෙතත් මේ ආකාරයට අලුත් සන්ධානය බිහිකිරීමේ පසුබිම සකස් වී තිබියදී පවා සජබය ඇතුළේ එම මතය දුර්මුඛ වන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොවුණා නොවේ. ඇතැමුන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේම කියා තිබුණේ කිසියම් කණ්ඩායමක් සන්ධානයට එකතු වෙනවා නම් ඒ එන පිරිස සජබ ආර්ථික ප්‍රතිපත්ති පිළිගත යුතු යැයි කියාය. සජබයේ ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතු යැයි කියාය. මේ ආකාරයට විවිධ පුද්ගලයන් සන්ධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබීම නිසා අවස්ථා ගණනාවකදීම පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් සජිත්ට පෙන්වා දී තිබුණේ මෙවැනි ප්‍රකාශ සිදුකිරීම සන්ධානය ගොඩනැගීමට හානිකර නිසා ඒවා වහාම නැවැත්විය යුතු යැයි කියාය. එවැනි පිරිස් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එහිදී බොහෝ දෙනා සජිත්ට පෙන්වා දුන්හ. විශේෂයෙන්ම ගම්වල සිටින පාක්ෂිකයන් සහ ආසන සංවිධායකවරුන් සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සහ කෙටි පණිවුඩ තබමින් කියා තිබුණේ සජබය දැනට ගමේ සිටින මට්ටමින් ඉදිරියට පැමිණීමට නම් නියත වශයෙන්ම සන්ධානයක් බිහිවිය යුතු බවත්, ඊට සියලු දෙනා ඒකරාශී කරගත යුතු බවත්ය.

මීට අමතරව සන්ධානය කඩාකප්පල් කිරීමට මාන බලන ඇතැම් මන්ත්‍රීවරුන් තැන් තැන්වල කර ඇති විවිධ ප්‍රකාශයන් පිළිබඳවද සජබ මන්ත්‍රීවරුන්ට තොරතුරු රැසක් ලැබී තිබිණි. සන්ධානයක් ගොඩනගනවා නම් මුලින්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කතාකළ යුතු බවත්, ඔහු සහ ඔහුගේ පාර්ශ්වයද ඊට එක්කරගත යුතු බවත් මෙම පිරිස් සඳහන් කොට තිබිණි. එසේම රනිල්ට කතාකළ නොහැක්කේ මන්ද යනුවෙනුත් ඔවුන් කතාබහ කර තිබූ බවටද තොරතුරු වාර්තා වී තිබිණි.

මීට අමතරව රාජගිරියේ පිහිටි එක්තරා නිවෙසක මෙම සජබ සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා නිතර නිතර සාකච්ඡා පැවැත්වී ඇති බවත්, ඊට සහභාගි වී සිටි පුද්ගලයන් පිළිබඳවත් සජබ මන්ත්‍රීවරුන්ට තොරතුරු රැසක් ලැබී තිබිණි.

කෘත්‍යාධිකාරිය කැඳවයි!

සජිත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සිකුරාදා රැස් කළේ මෙවැනි පසුබිමක් යටතේය. අතිශය තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් බව වැටහී තිබුණු නිසාදෝ ඊට වෙනදාට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම රැස්වීම ආරම්භයේදීම ප්‍රධාන මාතෘකාව වන සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් කතා කරමින් සජිත් සියල්ලන්ටම කියා සිටියේ ඉදිරි මැතිවරණවලදී සජබ ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම සන්ධානයක් ගොඩනැගිය යුතු බවත්, පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන්ට එය ගොඩනැගීම සඳහා බලය ලබාදුන් බවත්, ඒ අනුව තමන් එම සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, එය සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනාගේම ආශීර්වාදය තමන්ට අත්‍යාවශ්‍ය බවත්ය. සජිත් මෙම මාතෘකාව එළියට ගත්තේම පක්ෂය ඇතුළේ ඒ වන විටත් යම් යම් පුද්ගලයන් විසින් සන්ධානයට එරෙහිව තැන් තැන්වල ප්‍රකාශ සහ යම් යම් ක්‍රියාකාරකම් සිදුකොට ඇති බවට ලැබී තිබූ තොරතුරු නිසාය.

තල්ලුව මරික්කාර්ගෙන්!

සජිත්ගේ මේ ආරම්භයත් සමග ඊට රුකුල් දුන්නේ මරික්කාර්ය. මරික්කාර් දැඩිව කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන් සන්ධානය බිහිකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත්ය.
‘දැන් එන්නේ මැතිවරණ වසරක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි තියන්න ඕනේ. අපිට මේවා ජයගන්න නම් සන්ධානයක් තියෙන්නම ඕනේ. අපි සන්ධානයක් ගහනවා කියලා කිව්වාම දැන් හැමෝම කලබල වෙලා. ගොඩක්ම කලබල වෙලා තියෙන්නේ රනිල්. පොහොට්ටුවත් කලබල වෙලා. අනුරත් කලබල වෙලා. මේ හැමෝටම ඕනේ මෙතැන සන්ධානය හැදෙන එක කඩන්න. මොකද ඒ අය දන්නවා මෙතැන හැදෙන සන්ධානය තමයි ඡන්ද දිනන සන්ධානය කියලා. ඔබතුමා තමයි පක්ෂ නායකයා විදියට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ. ඒ නිසා ඔබතුමාට අවශ්‍ය විදියට සන්ධානය බිහිකරන්න අපි බලය පවරලයි තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ඉස්සරහට යන්න බෑ…’ යනුවෙන් කියමින් මරික්කාර් සන්ධානයට පක්ෂව අදහස් ප්‍රකාශ කරද්දී ඊට පරස්පර යම් යම් අදහස්ද පළනොවුණා නොවේ. එවැනි එක් අදහසක් පළ කළේ මුජිබර්ය. ඒ, සන්ධානයට එකතු වීමට නියමිත යම් යම් පිරිස් පසුගිය කාලයේදී මුස්ලිම් ප්‍රජාවට ගැටලු ඇතිකළ බව කියමිනි.

මුජිබර්ගේ ප්‍රශ්නය!

‘මට මෙතැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සන්ධානය හදන එක ගැන අපිට අවුලක් නෑ. ඒක අනිවාර්යෙන්ම හැදෙන්න ඕනේ. හැබැයි මේ සන්ධානයට එකතු කරගන්න අය ගැන යම් යම් ගැටලු තියෙනවා. උදාහරණයක් විදියට නිදහස් ජනතා සභාවේ චන්න ජයසුමන මන්ත්‍රීතුමා. එතුමා පහුගිය කාලේ මුස්ලිම් කලබල ඇතිවුණු වෙලාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කළා. ඒ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.’ යනුවෙන් මුජිබර් කියද්දී හිරුණිකාද මෙම පිරිස සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළාය. ඒ ඔවුන් අරන් එන ඡන්ද ප්‍රමාණය කියමින්ය.
‘සන්ධානයක් හැදුවට කමක් නැහැ. හැබැයි අපි ඒකට එකතු කරගන්න අය ගැන හොඳට බලන්න ඕනේ. මේකට එකතු වෙන අයට ඡන්ද කීයක් තියෙනවද, ඒ අය අපිට එද්දී ඡන්ද කීයක් අරන්ද එන්නේ කියලා බලන්න ඕනේ…’ යනුවෙන් හිරුණිකා අදහස් පළකළ නමුත් නිරෝෂන් පාදුක්ක, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ යන අය සන්ධානයක් අවශ්‍ය බව කියමින් අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

සුජීවත් විරුද්ධයි?

කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හොඳම සිද්ධිය දැකගන්න ලැබුණේ ඉන් පසුවය. ඒ, සියල්ලන්ම පුදුමයට පත්කරමින් සුජීව සේනසිංහ නැගිට අදහස් පළකිරීමට පටන්ගැනීමත් සමගය. එහිදී සුජීව තම අදහස් දැක්වීම ආරම්භ කළේම, ‘මම මේ සන්ධානයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.’ යනුවෙන් කියාගෙනය. තමන්ට හුරු පුරුදු උස් හඬින් සුජීව මෙසේ කියද්දී සභාවේ සිටි සියල්ලක්ම මීයට පිම්බාක් මෙන් නිශ්ශබව්දව සුජීව දෙස බලන්නට වූයේ ‘මේ මනුස්සයා මොකක්ද මේ කියන්න යන්නේ’ වාගේ හැඟීමකින් යුක්තවය. සියලු දෙනාම පුදුමයට පත්වූ බව දුටු සුජීව නැවතත් උස් හඬින් කියා සිටියේ, ‘ඔව් මම සන්ධානය හදනවට සම්පූර්ණයෙන් විරුද්ධයි. මාත් එක්ක ඉන්න අය අත උස්සන්න’ යැයි කියාය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටි කිසිවකුත් සුජීව කී දේට පක්ෂව අත් උස්සන්නට කටයුතු නොකිරීමය. සුජීව හරියටම සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ඉන් පසුවය. ‘අන්න ඒක තමයි මම කියන්නේ. මෙතැන ජරා ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. අපි ඉස්සෙල්ලාම දේශපාලනය කරලා ඉන්න ඕනේ. ඡන්දවලට මුහුණ දෙන්න ඕනේ. ආණ්ඩු පිහිටුවන්න කලින් ඡන්ද දිනන්න ඕනේ. ඡන්ද දිනන්න නම් සන්ධාන ගහන්න ඕනේ. එහෙම සන්ධාන ගහද්දී උසද, මිටිද, කළුද, සුදුද, දෙමළද, මුස්ලිම්ද, කතෝලිකද කියලා බලන්න බෑ. මේ හැමෝම එකතු කරගන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ දැනට අපේ තියෙන ඡන්ද ප්‍රතිශතය කීයද කියලා.’ යනුවෙන් කී සුජීව, හිරුණිකා ඊට මොහොතකට කලින් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමටද පියවර ගත්තේය.

හිරුණිකාට උත්තර!

‘දැන් මෙතැන හිරුණිකා නංගි කිව්වා මේ එන අය සන්ධානයට එකතු කරගන්න ඉස්සෙල්ලා ඒ අයට ඡන්ද කීයක් තියෙනවද බලන්න ඕනේ කියලා. අපි මෙහෙම කියමුකෝ. දැන් හිරුණිකා නංගි දේශපාලනය ඉස්සෙල්ලාම පටන්ගත්තේ නාමල්ලා එක්ක. හිරුණිකා නංගී මහින්දලත් එක්ක තමයි දේශපාලනය කළේ. පස්සේ රනිල් ළඟට ආවා. ඒ එද්දී හිරුණිකා නංගී ඡන්ද අරගෙන ආවේ නෑ. හැබැයි රනිල්ගේ ස්ටේජ් එකට නැගලා, රනිල් පිරිසිදු නායකයෙක්, රනිල් හොඳ නායකයෙක්, රනිල් හොරකම් නොකරන නායකයෙක් කියලා කිව්වා. මිනිස්සු ඒක තමයි පිළිගත්තේ. නාමල්ලා, මහින්දලා ළඟ ඉඳන් එළියට ඇවිල්ලා මිනිස්සුන්ට මේ දේ කියපු හින්දා තමයි මිනිස්සු ඒක පිළිගත්තේ. දැන් අපි උදාහරණයක් ගමුකෝ. වාසුදේව නානායක්කාර මහත්තයා ගත්තොත් එතුමාට අපි දන්නවා ඡන්ද තුන්දාහක්වත් නෑ. හැබැයි එතුමා හෙට සජිත්ගේ වේදිකාවට ඇවිල්ලා සජිත් හොරකම් නොකරන නායකයෙක්, සජිත් මිනී මරන්නේ නැති නායකයෙක්, සජිත් පවුල් බලය පෝෂණය නොකරන නායකයෙක් කියලා කිව්වාම මිනිස්සු වාසුදේව කියන කතාවට අත්පුඩි ගහනවා. එතකොට බලන්නෙ නෑ වාසුදේවට තියෙන්නේ ඡන්ද දාහද දෙදාහද කියලා. ඒක හින්දා ඡන්ද නෑ කියන කතාව මෙතැනට අදාළ වෙන්නේ නෑ.’ යන්න සුජීවගේ තර්කය විය.

සජිත් තීන්දුව කියයි!

සුජීවගෙන් පසුව අදහස් දැක්වූයේ සජිත්ය. සජිත් කීවේ තමන් නියත වශයෙන්ම සන්ධානය ගොඩනැගීමට කටයුතු කරනවා යැයි කියාය.
‘මෙතැන ඉන්න හැමෝම සන්ධානයක් හදනවට පක්ෂයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සන්ධානයක් හදනවා. හැබැයි ඒකට විරුද්ධ කවුරු හරි ඉන්නවා නම් ඒ අයට තීන්දුවක් ගන්න පුළුවන්. ඒ නිසා සන්ධානය හදන වැඩේට අවශ්‍ය බලය මට දෙන්න….’ යනුවෙන් සජිත් කියද්දී සියල්ලෝම අත උස්සා ඊට අනුමැතිය ලබාදීමට පියවර ගත්හ.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේදී මාධ්‍ය කණ්ඩායම්ද එළියේ රැස්ව සිටි අතර, ඔවුන් රැස්වීමේ සිදුවූයේ කුමක්ද යන්න මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු සියලු මන්ත්‍රීවරුන් කියා සිටියේ නව සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලු බලය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීන්දු කළ බවකි.

සජිත් යට ගියේ ඇයි!

ඒ අනුව සන්ධානය ගොඩනැගීමේ බලය සම්පූර්ණයෙන්ම සජිත්ට හිමිවීමත් සමග ගෙවුණු දින දෙක තුන තුළ කිසිවකුටත් සජිත් සොයාගන්නට හැකියාවක් ලැබුණේ නැත. වෙනදා නම් ‘සක්වල’, ‘හුස්ම’ වැඩසටහන් ඔස්සේ රට වටේ ගියද, එළිපහළියේද සජිත්ගේ මුහුණ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ දෙනා සිතා සිටියේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් සජිත් නිවෙසට වී සිටිනවා යැයි කියාය. ඇත්තටම සජිත් එම දින කිහිපයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවුවද ඒ කිසිවක් නොතකා සජිත් සිටියේ විශාල දේශපාලන මෙහෙයුමක නිරතවය. ඒ වන විටත් සජිත් සහ නිදහස් ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර සන්ධානය ගොඩනැගීම මුල්කරගෙන පැවැති සාකච්ඡා අතිශය සාර්ථක අවසානයක් දක්වා ළඟාවෙමින් පැවැති අතර, තවත් රටේ නමගිය ප්‍රබල චරිත කිහිපයක් සමග එම දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සජිත් කටයුතු කොට තිබිණි. ස්ථාන හතරක මෙම සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් සජිත්ට එම දින කිහිපය තුළ වරින් වර මෙම ස්ථාන හතරටම යෑමට සිදුව තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම සාකච්ඡා සඳහා රටේ නමගිය ප්‍රබල චරිත කිහිපයක්ම එක්ව සිටීමය. ඇතැම් ස්ථානවල කිසිසේත්ම විශ්වාස කළ නොහැකි ආණ්ඩුවට සම්බන්ධ ඉහළම චරිතද සිටි ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

වැට් එක වැඩ පෙන්වයි! ප්ලේන්ටියක් 5කින් ටී එකක්-කෙටි කෑම 10කින් ‌ෆ්‍රයිඩ් රයිස්-කොත්තු 25කින් නග්ගයි!  I Sri Lanka Latest News

Next Post

අලුත් සන්ධාන නෑ! ලකුණු නෑ! ඉදිරි ජනාධිපතිවරණයේදී ‘පොහොට්ටුව’ විතරයි! බැසිල් තද තීන්දුවක! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.