ADVERTISEMENT
ආණ්ඩුව සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු තිහක් හතළිහක් ගන්නා බවට පුරසාරම් දෙඩුවද අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගියේ පරාජයට පත්ව ගෙදර සිටි පී. හැරිසන් මහතා පමණක් බව නලින් බණ්ඩාර මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේ කැබිනට් අමාත්‍යවරයකුව සිටි හැරිසන් මහතාට අවම වශයෙන් පසුගිය ඡන්දයේදී වැට උඩට හෝ පැමිණීමට නොහැකි වූ බවකි.