විසිවන සංශෝධනයට ඇතුළත් කර තිබූ වගන්ති 3ක් වෙනස් කිරීමට අද (19) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම, විගණනය සම්බන්ධ කරුණු 19 වන සංශෝධනය අනුව තැබීම සහ හදිසි පනත් ගෙන ඒම සීමා කිරීමට තීන්දු කොට ඇත.
මෙම සංශෝධන තුනම කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමටද සැලසුම් කර ඇත.
20 වන සංශෝධනයේ තිබූ වගන්ති ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධව සිටි මහා සංඝරත්නය ඉකුත් දින කිහිපය තුළදීම ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව විරෝධය ප කරමින් වහාම ඊට සංශෝධන ඉදිරිපත් කරන ලෙස දැනුුුුම් දී තිබිණ.










