අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වූ ශානි අබේසේකර මහතා අද (23) තමන් සේවය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට පියවර ගත්තේය.
ඒ, ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියව පැහැරගැනීමට ලක්වූ බව පැවසූ කාලසීමාවේ ක්‍රියාත්මක වූ දුරකතන සබඳතා සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.










