පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව සිගරට් කොටයක් බව මේ වනවිට සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඒ අනුව එය කිසිවකු විසින් කළ ගිනි තැබීමක් නොවන බව අනාවරණය වී තිබේ.
එමෙන්ම පසුගිය දිනවල විදුලි ඉංජිනේරුවන් පැමිණ එම ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවද සනාථ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වූ වාර්තාව සදුදා දිනයේදී ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.










