ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියකු අවසන් මොහොතේදී කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ දරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සැරිසරමින් තිබේ.
එහිදී මෙම පිරිස මෙම පුද්ගලයාට සංචාරක තහනමක් පනවා ඇති බව කියමින් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කරන අතර එය වීඩියෝ කරන පුද්ගලයන් ඊට අදාළ තහනම පෙන්වන ලෙස කීවද එවැන්නක් පෙන්වන ආකාරයක් දැකගන්නට නැත.
සාමාන්‍යයෙන් ගුවන් මගියකු ගුවන් යානයට ගොඩවීම දක්වා වූ ක්‍රියාපටිපාටිය අතිශය සංකීර්ණ වන අතර ඔහුට හෝ ඇයට සංචාරක තහනමක් පනවා ඇත්නම් එය ගුවන් තොටුපොළේ පිහිටි ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගන්නා අතර ඉන් එහාට එම මගියාට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
නමුත් මෙම පුද්ගලයා ඒ සියල්ල පසුකොට ගුවන් යානය තුළට ගොඩවීමටද කටයුතු කර තිබේ.
එවැනි තත්ත්වයක් යටතේ මෙවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි උණුසුමක් මතුව ඇති අතර ඒ පිළිබදව වහාම පැහැදිලි කිරීමක් කොට රටේත්, ගුවන් සේවයේත් කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේත් බලධාරීන්ගේ වගකීමය.
අනෙක් අතට මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවන්ට යොමු කොට මේ වනවිට පැයකට අධික කාලයක් ගතවී ඇති බවක් දැකගැනීමට පුලුවන.
එම නිසා මෙම වීඩියෝව පැරණි එකක්ද, එසේත් නැතිනම් සත්‍ය වශයෙන්ම අද දිනය තුළ සිදුවීවක්ද යන්නද පැහැදිලි කිරීමක් සිදු කිරීම බලධාරීන්ගේ වගකීමය.