මැයි 9 වැනිදා ගෝඨාගෝගම පරිශ්‍රයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බවට චෝදනා එල්ල වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශානත මහතා අද කලකට පසු ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අරගලකරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී ඒ මහතා කියා සිටියෙ 71 මෙන් 89 මෙන් එය මර්දනය කළ යුතුව තිබූ බවත්, එසේ නොකළ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට සිදුවූ බවත්ය.
එමෙන්ම අරගල භූමියේ සිටින්නේ කුඩුකාරයෝ, ගංජාකාරයෝ සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවද ඒ මහතා කීය.