අරගලකරුවන් යැයි පවසමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවි විකාශයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනකු වන ධනීෂ් අලි නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවී විකාශයට සම්බන්ධ වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.