රඹෑව පීනගම ප්‍රදේශයේ වෙඩි වැදීම හේතුවෙන් ගමන් කළ නොහැකිව එක්තැන්වි සිටින සද්දන්ත අලියකු සම්බන්ධයෙන් ගම්වැසියන් වනජීවි දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කොට ඇත.
වෙඩි වැදීම හේතුවෙන් අලියාගේ ඉදිරිපස පාදය දැඩි ලෙස ඉදිමී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
එමෙන්ම අලියාගේ නළල ප්‍රදේශයේද වෙඩි වැදුණු සලකුණක් දැකගන්නට ඇත.
පාදය ඉදිමී තිබීම හේතුවෙන් අලියා දින ගණනාවක් ඇවිදගත නොහී නිරාහාරව සිටින බවත්, ගම්වැසියන් විසින් ආහාර ලබා දෙන බවත්, කිසිදු වගකිවයුතු නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ නොමැති බවත් ගම්වැසියකු සදහන් කර ඇත.










