ප්‍රධාන පෙළේ මැතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයන්ට සහ පක්ෂවලට අතපය දිග හැර කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබා දෙන මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක්ම මේ වනවිට විදෙස්ගතව සිටින බව වාර්තා වේ.
ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජිතයන් පසුගිය දිනවල මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් සම්බන්ධ කර ගැනීමට දරා ඇති උත්සාහයන්හිදී මේ බව දැනගන්නට ලැබී ඇත.
මෙසේ විදෙස්ගතව සිටින කෝටිපති ව්‍යාපාරිකයන් මේ දිනවල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සිදු කර ඇති ජනමත විමසුම් අධ්‍යයනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණයට සති දෙකක් පමණ තියා මෙෙසේ විදෙස්ගතව සිටින ව්‍යාපාරිකයන් යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.










