• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2015 ජන්ද ගත්ත හැටි: 2019 ජන්ද දිනන හැටි: විග්‍රහය ‌මෙන්න

November 9, 2019
in Exclusive
Reading Time: 4 mins read
A A
2015 ජන්ද ගත්ත හැටි: 2019 ජන්ද දිනන හැටි: විග්‍රහය ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

එක රටක, පළාත් නවයක, මැතිවරණ දිස්ත්‍රික්ක විසි හතරක, ඡන්ද බලප්‍රදේශ දෙසිය විස්සක, ඡන්ද දායකයන් එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදදහස් අනූ දෙදෙනෙක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඊළඟ ජනාධිපති පත් කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය. ඒ දෙදහස් දහනවයේ නොවැම්බර් මස දහසය වැනිදාය. මෙවැනිම දිනක් දෙදහස් පහළොවේ ජනවාරි අට වැනිදාද උදාවිය. ඒ එවක සිටි අතිශය ප්‍රබල දේශපාලන බලවේගයක් හා සටනට බට නව සන්ධානයක තරගයයි. මේ එදා සහ අද ගැන සවිස්තරාත්මක සටහනකි. 2015 තීරණාත්මක ජනාධිපතිවරණ ප්‍රතිඵලය පහත පරිදිය.

2015 ජනාධිපතිවරණය ඡන්ද ගණන ප්‍රතිශතය වැඩි ඡන්ද

කොළඹ දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 725,073 55.93% 162,659
මහින්ද රාජපක්‍ෂ 562,664 43.40%
ගම්පහ දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 669,007 49.83% 4,660
මහින්ද රාජපක්‍ෂ 664,347 49.49%
කළුතර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 349,404 46.46%
මහින්ද රාජපක්‍ෂ 395,890 52.65% 46,486
මහනුවර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 466,994 54.56% 88,409
මහින්ද රාජපක්‍ෂ 378,585 44.23%
මාතලේ දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 145,928 47.22%
මහින්ද රාජපක්‍ෂ 158,880 51.41% 12,952
නුවරඑළිය දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 272,605 63.88% 127,266
මහින්ද රාජපක්‍ෂ 145,339 34.06%
ගාල්ල දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 293,994 43.37%
මහින්ද රාජපක්‍ෂ 377,126 55.64% 83,132
මාතර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 212,435 41.24%
මහින්ද රාජපක්‍ෂ 297,823 57.81% 85,388
හම්බන්තොට
මෛත්‍රිපාල සිරිසේන 138,708 35.93%
මහින්ද රාජපක්‍ෂ 243,295 63.02% 104,587
යාපනය දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 253,574 74.42% 179,120
මහින්ද රාජපක්‍ෂ 74,454 21.85%
වන්නිය දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 141,417 78.47% 107,040
මහින්ද රාජපක්‍ෂ 34,377 19.07%
මඩකළපුව දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 209,422 81.62% 167,791
මහින්ද රාජපක්‍ෂ 41,631 16.22%
අම්පාර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 233,360 65.22% 112,333
මහින්ද රාජපක්‍ෂ 121,027 33.82%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 140,338 71.84% 88,227
මහින්ද රාජපක්‍ෂ 52,111 26.67%
කුරුණෑගල දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 476,602 45.76%
මහින්ද රාජපක්‍ෂ 556,868 53.46% 80,266
පුත්තලම දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 202,073 50.04% 4,322
මහින්ද රාජපක්‍ෂ 197,751 48.97%
අනුරාධපුර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 238,407 45.44%
මහින්ද රාජපක්‍ෂ 281,161 53.59% 42,754
පොළොන්නරුව
මෛත්‍රිපාල සිරිසේන 149,974 57.80% 44,334
මහින්ද රාජපක්‍ෂ 105,640 41.27%
බදුල්ල දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 249,524 49.21% 281
මහින්ද රාජපක්‍ෂ 249,243 49.15%
මොනරාගල දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 105,276 37.45%
මහින්ද රාජපක්‍ෂ 172,745 61.45% 67,469
රත්නපුර දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 292,514 43.01%
මහින්ද රාජපක්‍ෂ 379,053 55.74% 86,539
කෑගල්ල දිස්ත්‍රික්කය
මෛත්‍රිපාල සිරිසේන 252,533 47.05%
මහින්ද රාජපක්‍ෂ 278,130 51.82% 25,597

සමස්ත ප්‍රතිඵලය ඡන්ද ගණන ප්‍රතිශතය වැඩි ඡන්ද

මෛත්‍රිපාල සිරිසේන 6,217,162 51.28% 449,072
මහින්ද රාජපක්‍ෂ 5,768,090 47.58%

ඉහත ප්‍රතිඵලය 2019 ජනාධිපතිවරණයට අදාළව කෙසේ අලුත් වේදැයි නිශ්චිත පණිවුඩය තව දින කිහිපයකින් ලැබෙන්නට නියමිතය. ඊට අදාළව මෙවර කොළඹ දිස්ත්‍රික්කය යටතේ ඡන්දය ලබාදීමට ලියාපදිංචි ඡන්ද දායකයන් 16,70,403 දෙනෙක් ඡන්දය ලබාදීමට සූදානමින් සිටී. එය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අලුත් ඡන්ද 83,805ක වැඩිවීමකි. මෙහි විශේෂත්වය වන්නේ ඡන්ද බල ප්‍රදේශ කිහිපයකම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අඩුවී තිබීමය. සාමාන්‍යයෙන් එජාප බළකොටුවක් වූ මැදකොළඹ ආසනයේ පමණක් හයදහසක පමණ අඩුවීමක් දක්නට ලැබේ. නැඟෙනහිර කොළඹ, දෙහිවල, බොරැල්ල, කෝට්ටේ යන ආසනවල ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව අඩුවී තිබේ. අනෙක් සෑම ආසනයකම ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබේ. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට විශාල බලපෑමක් කළ ඡන්ද පරතරයක් මෛත්‍රිපාල සිරිසේන ලබාගන්නේ කොළඹිනි. ඒ මනාප 1,62,659කි.
මෙවරත් වැඩිම ඡන්ද දායක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඉන්නේ ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙනි. ඒ 1,751,892කි. එය 2014 සාපේක්ෂව මනාප 70,005ක වැඩිවීමකි. සාමාන්‍යයෙන් නොපරදින ගම්පහ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පැරදුණේය. නමුත් ඒ ඡන්ද 4,660කිනි. කළුතර දිස්ත්‍රික්කය 2015 දී මහින්ද ජයගත් අතර ඒ වැඩි ඡන්ද 46,486කිනි. මෙවර 9,55,079 දෙනෙක් ඡන්දය ලබාදෙන්නට සූදානම්ය. මැතිවරණ කොට්ඨාස අටක් කළුතර ඡන්ද බල ප්‍රදේශයට අයත්ව තිබේ. සියලුම ආසනවල අලුත් ඡන්ද යම් ප්‍රමාණයක් තිබේ. සෑම ඡන්ද බලප්‍රදේශයකම ඡන්ද වැඩිවී තිබේ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයද මෙවර සමස්ත ප්‍රතිඵලයට විශාල බලපෑමක් කළ හැකි මැතිවරණ දිස්ත්‍රික්කයකි. දෙදහස් පහළොව වසරේ ප්‍රතිඵල ලේඛනය අනුව එය මෛත්‍රි වැඩි ඡන්ද 88,409කින් ජයග්‍රහණය කර තිබේ. එය කොළඹට වඩා දශමස්ථාන එකකට පමණක් අඩු ප්‍රතිශතයකි. මෛත්‍රි කොළඹින් ගන්නේ 55.93%කි. මහනුවරින් 54.56%කි. ඒ නිසා නුවරත් ලේසි නැත.
මාතලේ 2014 වසරේ 3,79,675ක් වූ ඡන්ද දායක සංඛ්‍යාව 2018 නාම ලේඛනයට අනුව 4,01,496 දක්වා වර්ධනය වී තිබේ. මාතලේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව මෛත්‍රිපාල සිරිසේන ජයගත්තේ මනාප 12,952කින්.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල ලැයිස්තුවේ දැවැන්තම ප්‍රතිඵලය එන්නේ නුවරඑළි දිස්ත්‍රික්කයෙනි. ඒ නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශය නිසාය. 2014 වසරේ 3,02,836ක් වූ ඡන්ද දායක සංඛ්‍යාව මේ වන විට 3,25,030 දක්වා වැඩිවී තිබේ. ඒ විසිතුන් දහසකට ආසන්න වැඩි වීමකි. නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශයේ පමණක් එසේ වැඩි වන විට මුළු නුවරඑළිය මැතිවරණ දිස්ත්‍රික්කයේ මනාප සංඛ්‍යාව 5,34,150 සිට 5,69,028 දක්වා වර්ධනය වී තිබේ. නුවරඑළිය මස්කෙළිය ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්දවලින් ප්‍රතිශතයක් ලෙස ගත් විට 2.03%කි. ඒ අනුව නුවරඑළිය මස්කෙළිය ජය ගැනීමට පක්ෂ දෙකම විශේෂ උත්සාහයක නියැළෙනු ඇත. නමුත් පසුගිය මැතිවරණ කිහිපයේම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයගන්නට සමත්වන්නේ එජාපය යයි. මෛත්‍රිපාල සිරිසේන මහතා මනාප 1,27,266කින් 2015 මැතිවරණයේදී නුවරඑළිය ජයගත්තේය. ගාල්ල, මාතර, හම්බන්තොට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බළකොටු ලෙස හඳුන්වයි. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මහින්ද මේ ආසන තුනම ජයගනී. ඒ මනාප 9,18,244ක් ලබා ගනිමිනි. ඒ මහින්දගේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 15.91%කි. මෛත්‍රිට ලැබෙන්නේ 6,45,137කි. පරතරය මනාප 2,73,107කි. මෙවර ගාල්ලෙන් 8,58,749කුත්, මාතරින් 6,52,417කුත්, හම්බන්තොටින් 4,85,786කුත් වශයෙන් ඡන්දය ලබාදෙන්නට සූදානම්ය. මේ වතාවේත් දෙපක්ෂයට පමණක් නොව අනුරටද දකුණ තීරණාත්මකය.
මේ මැතිවරණයේදීත් වෙනදා වගේම උතුර අතිශය තීරණාත්මකය. ඒ තරමටම නැඟෙනහිරත් බලපානු ඇත. මැතිවරණ දිස්ත්‍රික්ක වශයෙන් කියන්නේ නම් ඒ යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඬුල්ල සහ ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික්කවලින් මෛත්‍රි සමස්තයක් ලෙස මනාප 9,78,111ක් ලබාගනිද්දී මහින්ද ලබාගන්නේ මනාප 3,23,600කි. ඡන්ද පරතරයම 6,54,511කි. මෛත්‍රි 74.34%ක් ගනිද්දී 23.52%කට පමණක් මහින්ද සීමා විය. මෙවරද යාපනයෙන් 5,64,714කුත්, වන්නි දිස්ත්‍රික්කයෙන් 2,82,119කුත්, මඩකළපුවෙන් 3,98,301කුත්, දිගාමඬුල්ලෙන් 4,26,109කුත් සහ ත්‍රිකුණාමලයෙන් 2,81,114කුත් ඡන්දය ලබාදීමට සූදානම්ය. 19,32,357ක් දෙනා මේ දිස්ත්‍රික්ක පහේ ඡන්ද දායකයන් ලෙස ලියාපදිංචි වී තිබේ. ඒ අනුව මේ වසරේද තීරණාත්මක ප්‍රතිඵලයකට යන්නම මේ මැතිවරණ දිස්ත්‍රික්කවල ප්‍රතිඵලය බලපානු ඇත.
වැඩි අවධානයක් නැතිමුත් පුත්තලමේ සුළු ජාතික ඡන්දද තීරණාත්මකය. මෛත්‍රි 2015 දිනන්නේ 4,322කිනි. මෙවර 5,99,042ක් දෙනා පුත්තලමේ ඡන්දයට සූදානම්ය.
කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, රත්නපුර, කෑගල්ල 2015 දිනුවේ මහින්දය. මෙවර කුරුණෑගල 13,31,705 දෙනෙක් ඡන්දය ලබාදෙන්නට සූදානම්ය. මේ කොළඹ ළඟට ළඟාවෙන්නට තුන්වැනියාට ඡන්ද දායකයන් වැඩි මැතිවරණ දිස්ත්‍රික්කයයි. අනුරාධපුරයේ 68,24,450කුත්, පොළොන්නරුවේ 3,26,443කුත්, මොනරාගල 3,66,524කුත්, රත්නපුරෙන් 8,64,978කුත් සහ කෑගල්ලෙන් 6,76,440කුත් ඡන්ද ප්‍රකාශ කිරීමට සූදානම්ය. 2015 ඡන්දයේදී අතිශය තීරණාත්මක වෙන්නේ බදුල්ලය. බදුල්ල මෛත්‍රි දිනුවේ ඡන්ද 281කිනි. මෛත්‍රි 24,95,524කුත්, මහින්ද 2,49,243කුත් ලබාගනී. මෙවර අලුත් ඡන්ද හතළිස් දහකට ආසන්න ප්‍රමාණයක් බදුල්ලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබේ.
කුමන මට්ටමින් ගත්ත ද මේ එන්නේ තීරණාත්මක ජනාධිපතිවරණයකි. වසර පහකට නව පාලකයෙක් පත් වීමට නියමිතය. නොවැම්බර් 17 වැනිදා වන විට සියල්ල විසඳී අවසන් වනු ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණ ඉතිහාසය හොයා බලද්දී 1982 ජනාධිපතිවරණයෙන් ජයගත්තේ ජේ.ආර්. ජයවර්ධනය. ඒ කොබ්බෑකඩුව පරදවමිනි. ඊළඟ ජනාධිපතිවරණ සටනේදීද ජේ.ආර්.ගේ යෂ්ටිය ගෙන දුවන්නට ඒ පිලේම ආර්. ප්‍රේමදාස සමත්විය. ඔහු 88 ජනාධිපතිවරණය ජයගන්නේ සිය ප්‍රබල ප්‍රතිවාදියා වූ සිරිමාවෝ බණ්ඩාරනායක පරදවමිනි. එවක රට තුළ පැවති දැඩි භීෂණකාරී පරිසරය අස්සේ ජනාධිපතිවරණය පැවැත්වීය.
ආර්. ප්්‍රමදාසගේ මරණයත් ගාමිණී, ලලිත් ඝාතනයත් එ.ජා.පය හෙල්ලුම් කෑ සිදුවීම් විය.
කුරුණෑගල භීෂණකාරී “වයඹ” ඡන්දයෙන් පසු ජනාධිපතිවරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක උඩින්ම දින්නේය. ඒ ශ්‍රීමතී දිසානායක පරදවමිනි. එ.ජා.ප.ය දින්නේ මහියංගණය පමණි. චන්ද්‍රිකා හා සමඟ සටනට 99දී රනිල් ආවේය. නමුත් රනිලුත් පැරදවූ චන්ද්‍රිකා නොපැරදීම ගෙදර ගියේ සිය ධුර කාල දෙක අවසන් කරමිනි. ඉන්පසු මහින්ද රාජපක්ෂ සිය පළමු ජනාධිපතිවරණ ජය ලැබීය. ඒ උතුරේ තීරණාත්මක ඡන්ද වර්ජනයත් සමඟය. මහින්ද නූලෙන් ජනපති විය. හොලවන්නට බැරි රාජපක්ෂ පාලනය පෙරළන්නට යුද්ධයේ වීරයා ගෙනාවේය. ඒ සරත් ෆොන්සේකාය. ෆොන්සේකා නොසිතූ ලෙස බරපතළ පරාජයකට මුහුණ දෙන්නේ “කොම්පියුරට් ජිල්මාට්” කතාව කරළියට ගෙන එමිනි. මේත් සමඟම හිර ගෙට යවන ජනාධිපති අපේක්ෂකයාට වසර කීපයක් හිරබත් කන්නට පවා සිදුවිය.
සියල්ල උඩු යටිකුරු කරමින් ව්‍යවස්ථා වෙනසක් සමඟ මහිම්ද තෙවැනි වර සටනට එන්නේ 2015දීය. මහින්ද පරදවන්නට අපේක්ෂකයා හොයාගන්නේද ශ්‍රීලනිපයෙනි. ඒ එහි ලේකම්වරයාය. මේ මෛත්‍රිපාල සිරිසේන රාජිතලා අර්ජුනලා සමඟ පවත්වන තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහි කඩඉමකි. සටන නිමාවෙන්නේ මහින්ද පරදවමින් මෛත්‍රිපාල සිරිසේනට ජය අත් කරදෙමිනි.
2018 වසරට අදාළව 2019 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දෙන්නට 1,59,92,096 දෙනෙක් සූදානම්ය. 2015 ජනාධිපතිවරණයේදී මේ ප්‍රමාණය 1,50,44,490කි. අලුතින් ඡන්ද 9,47,606ක් එක්වී තිබේ. ඒ ගිය වසරේ ජයගත් අපේක්ෂකයාගේ ඡන්ද එකතුවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 15.24%කි. තීන්දුව තීරණාත්මක වන්නට මේ ඡන්ද ලක්ෂ නවයද වැදගත් වනු ඇත.
මේ ඊළඟ සටනයි. තීන්දුව තීරණාත්මකය. තවම වීරයෝ අපය. 16 වැනිදා හවස 5න් පසු අපේ කොටහ අවසන්ය. කතාව දැනට එපමණය. බලා ඉමු.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

පෑඩ් මෑන් මුරුගානන්දන් සහ සජිත්

Next Post

විශ්‍රාම යන්න දින 7යි: දැඩි විරෝධය මැද ‘රෝයල් පාක්’ ඝාතකයාට ‌මෛත්‍රී ජනපති සමාව ‌දෙයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.