එදා ඇමරිකානු නියෝජිතයන් පැමිණෙන විට රට බෙදන බවට, රට විකුණන බවට සහ රට පාවා දෙන බවට කෑ මොර දුන් විමල් වීරවංශ, සීතා අරඹේපොළ සහ උදය ගම්මන්පිල වැන්නවුන් අද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පැමිණෙන විට අතුරුදන්ව ඇති බව සමගි ජ බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව විමල් වීරවංශ මහතා වෙනුවෙන් වටිනා පංචායුධයක්, සිතා ඇරඹේපොළ මහත්මිය වෙනුවෙන් කුඩයක් සහ ටෝච් එකක් මෙන්ම උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 1000ක් තෑගී දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේ මේ ඇමරිකානු විරෝධය වෙනුවෙන් විමල් විරවංශලා උදය ගම්මන්පිලලා මාධ්‍ය හමු දෙක තුනක් තබා කතාකරන විට ජනතාව හිතුවේ ඔවුන් මයික් ටයිසන්ලා බවත් නමුත් දැන් ඔවුන් ‘මයික් පිම්පියෝ’ බවට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මයික් පොම්පියෝලා නිසා රට අනතුරේ යනුවෙන් කෑගැසූ කිසිදු දේශප්‍රේමියෙක් දැන් දැක ගැනීමට නොහැකි බවද නලින් බණ්ඩාර මහතා පවසා සිටියි.