”ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න”
”ඔය අයියලා, මල්ලිලා යාළුවෙයි. ඔයා අමාරුවේ වැටෙයි”
”ඊට කලින් නම්බර් වන් වෙන්න මම දැනගන්න ඕනේ”
”මම ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් යාඥා කරනවා”
”ව්‍යවස්ථාව වැඩක් නෑ, අපි ඒක බලාගන්නම්. ඔබ එය බාරගන්න”
”අහවල් නිලධාරියා ඉවත් කරන්න අදහසක් තියෙනවද? ඔහු ඉතා හොද නිලධාරියෙක් පෙර දින ඔහු රාත්‍රී භෝජනය ගත්තේ මා සමගයි”
2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.











