අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව ඇතුළත බරපතළ කුමන්ත්‍රණයක සිටින බවත්, විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලකිරීමෙන් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භයට විමල් වීරවංශ මහතා කිසිම දායකත්වයක් දැක්වූ කෙනෙකු නොවන බවත් පොදුජන පෙරමුණ හැදුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත්, වීරවංශ මහතා ඊට විරුද්ධ වූ බවත් හෙතෙම සදහන් කරයි.










