අද (9දා) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම බොහෝ උණුසුම්කාරී එකක් වනු ඇති බව වාර්තාවේ.
පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා විවේචනය කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යයට කළ තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඒ සඳහා හේතුවී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අද දිනයේදී පසුපෙළ මන්ත්‍රිවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.










