දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලූ ජනාධිපති විමර්ශන කොමිසම මගින් ඉදිරිපත් කළ අවසන් වාර්තාව සිංහල භාෂාවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසට විපක්ෂය කළ ඉල්ලීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත.
ඒ අද (17) පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.
මෙහිදී අදාළ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සදහා දින 2ක් විපක්ෂයට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව අප්‍රේල් 6 සහ 7 යන දෙදින ඒ සදහා ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.