අද දින සවස් වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැදී සිටීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් විශේෂ දැනුම් දීමක් කොට ඇත.
මේ සදහා හේතු වී ඇත්තේ අද දිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සදහා වූ විවාදය අතරතුරදී කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූරයන් විපක්ෂයට ලබා දිය යුතු බවට සංශෝධන ඉදිරිපත් කොට ඒ සදහා ජන්ද විමසීමක් ඉල්ලීමට විපක්ෂය සූදානමින් සිටින බවට ආණ්ඩු පක්ෂය වෙත තොරතුරු ලැබී තිබීමය.










