කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හෙට (08) දිනයේදී විරෝධය ප්‍රකාශ කිරීමට විපක්ෂය සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
ඊට හේතු වී ඇත්තේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා විසින් හෙට (08) දින පැවැත්වෙන පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නිවැරදිව පක්ෂ නායකයන්ට දැනුම් නොදීම බව දැනගන්නට ඇත.
ඒ අනුව විපක්ෂය අද දින කතානායකවරයාගෙන් ඒ පිළිබද විමසා සිටිද්දී කතානායකවරයා දැනුම් දී ඇත්තේ හෙට දිනම ඒ පිළිබද දැනුම් දීමට කටයුතු කරන්නම් යැයි කියාය.










