විපක්ෂය මේ දිනවල ආණ්ඩුවට එල්ල කරන චෝදනා සියල්ලටම පිළිතුරු ලබා දීමට එස්.බී. දිසානායක මහතා කටයුතු කළේය.
අද (26) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මේ බව අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එහිදී මෙසේද කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේ දී පී.බී ජයසුන්දර ජනාධිපති ලේකම්තුමාගේ චක්‍රලේඛනයක් සම්බන්ධයෙන් අදහස් මතුවුණා. ඒ චක්‍රලේඛනයෙන් ජනාධිපති ලේකම්තුමා කියන්නේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ උපන්දින අවස්ථාවලදී රාජ්‍ය ආයතනවලට රජයේ වියදමෙන් සුබපතලා දැන්වීම් දාන්න එපා කියලා. රජයේ ආයතනය පොරකකා පත්තරවල පිටු අරගෙන ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දැන්වීම් දානවා. රූපවාහිනියේ, ගුවන්විදුලියෙත් මෙවැනි දැන්වීම් දානවා. මේක විශාල මුදල් නාස්තියක් බව පෙනිච්ච නිසා ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛනයකුත් ගහලා තියෙනවා. මේ කියන්නේ පෞද්ගලික මාධ්‍යවලට ප්‍රචාරක දැන්වීම් දෙන්න එපා කියන එක නෙමෙයි. ඊළඟට විශාල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා රක්නා ලංකා සමාගමට අක්කර පන්දාහක් දුන්නා කියලා. ඒක පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ඉල්ලීමකට අනුව දීපු එකක්. රක්නා ලංකා සමාගම කියන්නේ ලෝකයේම මුහුදු නැව් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකයෙන්ම පළමුවැනි තැනට ඇවිල්ලා අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙනල්ලා දුන්න ආයතනයක්. පෞද්ගලික හේතුමත ඇමැතිවරු දෙන්නෙක් ඉදිරිපත් වෙලා මේ ආයතනය නැත්තටම නැතිකරලා දැම්මා. ඒ හින්දා මාසෙකට රජයට ඩොලර් මිලියන 10-15ක අලාභයක් කළා
ඒ නිසා රක්නා ලංකා සමාගමට ඔය කියන විදියව ඉඩම් දුන්නා නම් ඒකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් මම මේ කියන කාරණය සම්බන්ධයෙන් තවම හරියට දන්නේ නැහැ. හැබැයි රක්නා ලංකා සමාගම අතීතයේ විශාලමුදල් සම්භාරයක් හම්බකරලා දුන්නා විතරක් නෙමෙයි විශ්‍රාමික රණවිරුවන් දහස් ගණනකට ලක්ෂ ගණන් පඩි ගෙවලා රැකියාවල නිරත කෙරව්වා කියන කාරණය මම කියන්න කැමතියි. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙනුත් චෝදනා කරනවා දැක්කා. බැසිල් ඇමැතිතුමාට තිබුණ එක චෝදනාවක් තමයි පළාත් පාලන ඡන්දය වෙලාවේ බට දුන්නා කියලා. පලාත් පාලන ඡන්දයට කලින් ප්‍රාදේශීය සභාවල ලොකූ ඉල්ලීමක් තිබුණා වෙසක් උත්සවට, පොසොන් උත්සවයට වගේම මළගෙදරකදි කොඩි ටිකක් දාගන්න බට අවශ්‍යයි කියලා. ඒ නිසා ප්‍රාදේශීය සභාවලට නගර සභාවලට බට අරගෙන දුන්නා. ඒ බට සේරම ප්‍රාදේශීය සභාවලට භාර දුන් බව වගේම භාරගත් බවටත් ලිපි ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ විෂය භාර අමාත්‍යවරයා හැටියට මම පාර්ලිමේන්තුවෙදි කිව්වා එහි කිසිම වංචාවක් සිදුවී නැති බවත් ඉතාම විවෘතව සිදුකරන ලද ක්‍රියාවක් බවත්. ඊළඟ කාරණය තමයි සෙවිලි තහඩු සහ ලිත් මුද්‍රණය කිරීම කියන එක. ලිත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් තියෙන චෝදනාව තමයි ඒ ලිතට ජනාධිපතිතුමාගේ රූපය දැම්මා කියන එක. ජනාධිපතිතුමා හදිසි ඡන්දයකට යන්න තීරණය කරද්දි ඒ ලිත් මුද්‍රණය කරලත් ඉවරයි. සෙවිලි තහඩු ප්‍රශ්නය ගැන කිව්වොත් සමෘද්දි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ මළගෙවල්, මගුල් ගෙවල් මේ සියලුම අවස්ථාවන්ට මුදල් ලබා දෙනවා. ඒ අරමුදල යටතේ සෙවිලි තහඩු ලබාදීමේ කිසිදු නීත්‍යනුකූල වරදක් නැහැ. මේ සියලුම නඩු දේශපාලනික වශයෙන් එතුමාගෙන් පළිගන්න බොරුවට පටලවපු නඩු කියලා තමයි මම කියන්නේ.සිරස ආයතනය ඊයේ දවසෙත් රාජ්‍ය ආයතන ගණනාවක් නම් කරමින් ඒවා පාඩු ලබන ආයතන යැයි පවසමින් පවත්වාගෙන යෑම නොකල යුතු බව කිව්වා. නමුත් විදුලිබල මණ්ඩලය වගේ ආයතන පාරිභෝගිකයන්ට විශාල වශයෙන් විදුලි සහනාධාර ලබා දෙනවා.
නමුත් මම ඉතාම පැහැදිලිවම කියන්න ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට මෙවර අය වැය ලේඛනයෙන් යෝජනා සහ සැලසුම් සකස් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේත් පාඩු ලබන රාජ්‍ය ආයතන නඟාසිටුවන්න අවශ්‍ය මූලික අඩිතාලම දැම්මා. රජයේ ඇපවීමෙන් ණය ලබා ගැනීමට පවා අවස්ථා සලසා දුන්නා.
මෙවර අයවැය පරතරය බිලියන 1564ක්. මේක ලොකු ගාණක්. හැබැයි මේ අයවැය ඉදිරිපත් කරන්නේ මේ රට ආර්ථික, සමාජීය හා සෞඛ්‍යමය අතින් විශාල අර්බුදයක ඉන්න වෙලාවක. අපි 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව භාරදුන්නේ 6.3ක වේගයෙන් සංවර්ධනය වන රටක් දකුණු ආසියානු කලාපයේ වැඩිම වේගයෙන් සංවර්ධනය වන රටක්. ආසියානු කලාපයේ ආදර්ශමත්, සුන්දරම හා පිරිසිදුම නගරය කොළඹ නගරය කියලා තේරුණ රටක්. මේ රට සංවර්ධනය වෙමින් පවතින කියන දුප්පත් මට්ටමින් ඉහළට ගිහිල්ලා මධ්‍යම පහළ මට්ටමේ ආර්ථිකයක් ගොඩනඟාගත්ත රටක් හැටියට තමයි මේ රට අපි භාරදුන්නේ. ඒක නැවත 2020දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරගන්න සිදුවුණේ 2.3ක ආර්ථික සංවර්ධන වේගයකින් බඩගාන, පණ අදින හොරකම් දූෂණවලින් පිරුණ හා අනාරක්ෂිත භාවයෙන් පෙළුණ රටක්. ඒ නිසා ඇත්තටම පළමු කාර්තුවේ මේ රජයේ ආර්ථික සංවර්ධනයක් තිබුණේ නෑ. පළමුවෙනි වතාවට ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුණා. ඒ කියන්නේ සෘණ අගයක් ගත්තා. 1.6ක සෘණ අගයක තමයි ඒ වෙද්දි ලංකාවේ ආර්ථිකය තිබුණේ. දෙවැනි කාර්තුව වෙද්දි අපි කෝවිඩ් 19 වසංගතය ඉතාම හොඳින් පාලනය කරලා ලෝකයේ ගෞරවයට පාත්‍රවෙලා අපේ රටේ ආර්ථිකය ඉහළට එද්දි තමයි මේ දෙවැනි රැල්ල අවේ. එවැනි තත්ත්වයක දී තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලෙස කටයුතු කරපු රජයක හිටපු අයට , නිලධාරින්ට ඒ තරම් අපහසු අභියෝගයක් නෙමෙයි.
2005 දි මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගන්නකොට මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් 80%ක් ප්‍රභාකරන්ට භාරදීලා තිබුණේ. ඒ වෙද්දි අපේ රටේ ආර්ථිකය සියයට තුනෙත් හතරෙත් හිරවෙලා තිබුණේ. ණය ප්‍රමාණය 104% දක්වා නැගලා තිබුණේ. දරිද්‍රතාවය 11-14%යි අතර තිබුණා. විරැකියාවත් 11-12% තිබුණ වෙලාවක තමයි එදා එතුමා රට භාරගත්තේ. ඉතිං එහෙම භාරගත්ත රටකදිත් යුද්ධය මෙහෙයෙව්වා. ඒ අතරේ 2007 ලෝක තෙල් අර්බුදය. 2008 ලෝක මහා ආර්ථික අර්බුදය, 2009 ලෝක ආහාර අර්බුදය ආවා. ඒ සියල්ල එද්දි යුද්ධයත් දිනලා ආර්ථික ව්‍යසනයේ බර මිනිස්සුන්ට නොදැනෙන්න රට පාලනය කරගෙන ගිහිල්ලා අපේ ලංකා ඉතිහාසයේ ආර්ථික සංවර්ධනයේ ස්වර්ණමය යුගය බවට 2009-2015 කාලය පත් වුණා. ඒ පිරිසම තමයි අදත් මේ රට පාලනය කරන්නේ. ඒ නිලධාරින්ම තමයි අද සියලු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නේ. ඒ නිසා මේ අර්බුදය කෙතරම් විශාල අර්බුදයක් වුණත් ඒක ජයගන්න බව මට විශ්වාසයි. ඒ නිසා මෙවර අයවැය ලේඛනය කියන්නේ වැටුණ ආර්ථිකය ඔසවා තබන්න සකස් කළ අයවැය ලේඛනයක් බව මේ වෙලාවේ මම කියන්න ඕනේ. රාජ්‍ය ආදායම සියයට පහලොවට දහසයට අරගෙන යන්න මේ අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අයවැයේ මූලිකම ඉලක්ක ලෙස කොවිඩ් නිවාරණය, පානීය ජල සැපයුම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ග්‍රාමීය සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, දරුවන් හා මව්වරුන්ගේ පෝෂණය දියුණු කිරීම, තාක්ෂණික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, සම්ප්‍රදායික කර්මාන්තවලට නව අගයක් ලබා දීම, තරුණ තරුණියන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට ප්‍රාග්ධනය සැපයීම, ගොවිපොළට තාක්ෂණය ගෙනයෑම, පුනර්ජනනීය විදුලි උත්පාදනය ආදීය අරමුණු කරගෙන තමයි මේ අයවැය ලේඛනය හදලා තියෙන්නේ. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා රටට දුන්න පොරොන්දුව වන සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ අඩංගු ඉලක්ක සපුරා ගන්න හදපු අයවැය ලේඛනයක්. ඒ සඳහා එතුමා ජනාධිපති කාර්ය සාධක බලකා කිහිපයක්ම සකස් කරන්නත් කටයුතු කරලා තියෙනවා.
ඒ අතරිනුත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව පිටුදැකීමේ ජනාධිපති කාර්යසාෂක බලකායේ සභාපතිත්වයට බැසිල් රජපක්ෂ මැතිතුමාව පත්කරලා තියෙනවා. එතුමන් පාර්ලිමේන්තුවෙන් එලියේ ඉඳලා නෙමෙයි ඇතුළට ඇවිල්ලා මේ කාර්යය කරනවා නම් ඉතාම වටිනවා කියලා මම මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා –
විපක්ෂයේ මාතෘකා බවට පත්වෙලා තියෙන්නේ තුන්වැනි පන්තියේ ගැලරියට කතා කරන මාතෘකා. ඔවුන්ගේ පාලන කාලයේ දී ඔවුන් කටයුතු කරපු ආකාරය අද ඔවුන්ට අමතක වෙලා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලයේ කටයුතු කරපු ආකාරය අමතක වෙලා. මාධ්‍යවේදීන්ට තියෙන තර්ජන ගැන අද ඔවුන් කතා කරනවා. ඒත් ඔබ දන්නවා ඇති සජිත් මහත්තයාගේ පියාගේ කාලයේ මේ රටේ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මැරුවා. රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් මැරුවේ කවුද? මාධ්‍ය පුදුමාකාර විදියට මර්දනය කරපු යුගයක්. එවැනි ඉතිහාසයක් තියෙන අය අද මාධ්‍ය ගැන කතා කිරීම විහිළුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මම දැක්කා මාතලේ දී අපේ එක මන්ත්‍රීවරයෙක් කියනවා මෙන්සස් හැදෙනවාටත් බද්දක් ගහනවා කියලා. හැබැයි ටික වෙලාවකින් අපේ හර්ෂ සිල්වා මහත්තයා කියනවා එවැනි කිසිම මිල වැඩිවීමක් සිදුවෙලා නැහැ කියලා. මේ කට්ටිය හැමදෙයින්ම උත්සාහ ගන්නේ රජයට අප්‍රසාදය පළකරන්න. පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා සේවක අර්ථසාධක අරමුදල ගැන කතාකරලා තියෙනවා. සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් නාස්ති කළේ අපිද ඔවුන් ද කියලා මේ වෙලාවේ අහන්න කැමතියි. මහබැංකුවේ බැදුම්කර වංචාව හරහා පොලී අනුපාතය ඉහළ යෑම නිසා පාඩුව රුපියල් බිලියන 145යි. සේවක අර්ථසාධක මුදලේ
පාඩුව රුපියල් බිලියන 120යි. බැඳුම්කර නිකුතුවෙන් පාඩුව බිලියන 2යි.
මේ වගේ සේවක අර්ථසාධක අරමුදලට විශාල හානියක් කරපු පක්ෂයක් ඒ ගැන කතා කරනවා. අනෙක් අතට අද පෝට් සිටි ව්‍යාපෘතිය ගැනත් විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් වත්මන් ජනාධිපතිතුමාත් පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
පැවැති ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය නතර කිරීම නිසා නම් රුපියල් බිලියන 23ක අනවශ්‍ය වන්දි ගෙවීමක් කළා. ඒ වගේම එයාර් ලාංකා සමාගමේ ඒ අය ඇනවුම් කරලා තිබුණ ගුවන් යානා අත්හිටුවීම නිසා වන්දිය රුපියල් බිලියන 17ක්. මේ හැම අතින්ම බැලුවාම මේ අයගේ කාලයේ තමයි ලෝකයේ තෙල් මිල වාර්තාගත විදියට පහළ බැස්සේ. එහෙම තියෙද්දිත් මේ අයට හැකියාවක් තිබුණේ නෑ ජනතාවට සහනයක් ලබා දෙන්න. ඒ වගේම කිසිම ගෝලීය පීඩනයක් නොතිබුණ යුගයක තමයි ඒ තරම් අවාසනාවන්ත තත්ත්වයකට මේ රට පත් වුණේ.
මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයෙන් නොයෙක් ආකාරයට අමාත්‍යාංශ වෙන් කරලා තරුණ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ හැකියාවන් පෙන්වා දීලා වගකීම් පවරා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ අයවැය ලේඛනයේ අඩංගුවෙලා තිබෙන බව ඔබට කියන්න අවශ්‍යයි. කොවිඩ් වෙනුවෙන් මිලියන 18,000ක් වෙන් කරලා තියෙනවා. පහුගිය ටිකට කොවිඩ් සඳහා රෝහල් විසිගණනක් හදලා තියෙනවා. මේවා පහසු වැඩ නෙමෙයි. කවුරු මොන ආකරයෙන් විග්‍රහ කරන්න හැදුවත් මේක රටේ ජනතාව එක්ක බැඳුණු දේශීය ව්‍යාපාර එක්ක බැඳුණු සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා නිර්මාණය වුණ අයවැයක් බව අවසන් වශයෙන් කියන්න ඕනේ