පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කළ අතර ඊට විපක්ෂයේ දැඩි විරෙධය එල්ල වීම මත ඡන්දයකට යාමට ආණ්ඩු පක්ෂය යෝජනා කළේය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය.
එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
ඡන්දය විමසන අවස්ථාවේදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව ගියහ.










