• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයෙන් කිසිම කෙනෙක් මේ හොරා කාපු-දුර්දාන්ත-නින්දිත- කුජීත ආණ්ඩුවට යන්නෙ නෑ! ආණ්ඩුවෙන් මේ පැත්තට කට්ටිය එන්නයි ඉන්නේ! එක්කෙනෙක් කිව්වා මම වගකීම ගන්න බයේ පැනලා ගියා කියලා! ආණ්ඩු ගන්න ඉස්සෙල්ල මම බැලුවේ ආණ්ඩු කරන්න වෙන ග්‍රහයෝ 134 දෙනා කව්ද කියලා! රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙව කන ඒ 134 දෙනා දිහා බැලුවාම ආණ්ඩු කරන්න නෙමෙයි වමාරන්නයි හිතෙන්නේ! ලෝකෙ කොහේ හිටියත් මේ හොරු ටික අල්ලලා දඬුවම් දෙනවා දෙනවාමයි! සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO

April 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත දූෂිත රජය සමඟ කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු එකතු නොවන බවත් මේ රට හොරාකාපු, වංචාකරපු, වෙන්දේසි කරපු, පවුල් පාලනයක් ගෙන යන කුජීත පුද්ගලයන් සමග කිසිදු අවස්ථාවක එකට එකතු වී රාජ්‍ය බලය ලබා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ රටින් ඩොලර්, සම්පත්, රාජ්‍ය සම්පත් හොරා කා විනාශ කළ පැන්ඩෝරා පත්‍රිකා හරහා එළිදරව් වන ඩොලර් හොරකමට සම්බන්ධ සියලු දෙනා මෙරට හෝ ලෝකයේ කුමන හෝ රටක සිටියත් අපේ රටේ නීතිය හමුවට ගෙන විත් එසේ හොරා කෑ මුදල් නැවත රට තුළට ලබා ගන්නා බවත් ඒ තුළින් ජනතාව පිට බදු පිට බදු පැනවීම නවතා ජනතාවට සහන සලසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේගය වත්මන් රජය සමඟ එක්වන බවට ජනාධිපතිවරයා සිතා සිටිනවා නම් එය හිතලුවක් විතරක් බවත් රට විනාශ කළ රාජපක්ෂවරු සමඟ තමාට හෝ තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමිනි.

ජනතාව පිට බදු පිට බදු ගහන එක ගැන කතා කරන වත්මන් රජය පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් මුදල් සහ සම්පත් නැවත අපේ රටට ලබා ගන්නේ කෙසේද කියා මේ වන තෙක් අවධානය යොමු කර නැති බවත් නමුත් සමගි ජන බලවේග රජයක් තුළ අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීමේ පනත සහ අධිකාරිය බලාත්මක කර එම මුදල් නැවත රට තුළට ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය ඉදිරිපත් කළ දූෂණ මර්ධන පනත වර්තමානයට සහ අනාගතයට අදාළව ඉදිරිපත් වුවත් අතීතයේ සිදුවූ දූෂණ වංචා ආදී මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගන්නා පියවර එහි සඳහන් නොවන බවත් පසුගිය කාලයේ සිදුවූ සීනි, ගෑස්, ඉන්ධන වංචා ආදී බදු වංචා අමතක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විදේශීය රටවල් පවා මේ ගැන කතා කරද්දි අපි ඒ ගැන අවධානය යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය එක හොඳ දෙයක් වුවත් ඔවුන් සමගි ඇති කර ගත් ගිවිසුම් වැරදි බවත් ඒ ගිවිසුම් තුළ ජනතාව පීඩාවට පත් වන කරුණු ඇතුළත් බැවින් ඒවා නැවත සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුත්තේ රටට ජයග්‍රහණ අත්පත් කර දීමට මිස රට තවදුරටත් අගාධයකට දැක්වීමට නොවන බවත් අද දෛවයේ සරදම වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සහමුලින් ප්‍රතික්ෂේප කළ කල්ලියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට පැතීමට සිදු වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛව තමන් ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය පුන පුනා ප්‍රකාශ කළ ද එදා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව එය සහමුලින් ප්‍රතික්ෂේප කළ බවත් ඒ නිසාම රටට ලැබුණු දැවැන්ත මුදල් පරිත්‍යාග අහිමි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් එහි දී පැවසීය.

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවුලක! කොමර්ෂල් බැංකුවයි හැටන් නැෂනල් බැංකුවයි විරෝධය පළ කරයි!

Next Post

මුලින්ම අමෙරිකානු තානාපතිනිය ප්‍රබන්ධයක් කියලා කිව්වා! දැන් ආරක්ෂක අමාත්‍යංශයත් කියනවා බොරු කියලා! විමල්ගේ පොතට දෙවන ප්‍රහාරයත් එල්ලවෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.