චීන අසූචි පොහොර නැව පිළිබඳව විගණකාධිපති වාර්තාවේ නිර්දේශ මේ වන විට නිකුත් වී ඇති බවත්, එකී නිර්දේශ ප්‍රකාරව එම දූෂිත අයථා ගනුදෙනුවට සම්බන්ධ වූ සියලු දෙනාගෙන් අදාල පාඩු අයකර ගන්නා ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කොට ඇති බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
ආර්ථික වටිනාකමක් ඇති අපේ රටේ බෝග වලට අයථා බලපෑම් කළ හැකි විෂ බැක්ටීරියා සහිත පොහොර මෙරටට ඇතුල් කිරීමට උත්සාහ කිරීම, 21/22 වසරවල මහ කන්නයේ විශාල හානියක් අස්වැන්නට සිදු වී ඇති බවත්, නිර්දේශ නොකල පොහොර තොගයකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් ගෙවා ඇති බවත්, මේ පොහොර සැපයුම් සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා පමණක් නොව මෙයින් වන්දි ලබා ගත යුතු බවටත් නිර්දේශ කොට ඇතැයි විපක්ෂ නායකතුමා පැවසීය.
මේ සැපයුම්කාර සමාගම මෙරට තුළ අසාදු ලේඛණයට ඇතුලත් කිරීමටත් නිර්දේශ කොට ඇති බව කී ඒ මහතා කාබනික පොහොර පිළිබදව කිසිදු අධ්‍යයනයකින් තොරව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.
ඒ අනුව ඊට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නඩු පවරා රටට ලබා ගත යුතු වන්දිය වහාම ලබා ගන්නා ලෙස පැවසූ විපක්ෂ නායකතුමා විගණකාධිපතිගේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසද විපක්ෂ නායකතුමා පැවසීය.










