වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී අල්ලා ගත් කිලෝග්‍රෑම් 225හේ හිමිකරු වැලිකඩ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක හෙවත් තාරක පෙරේරාගේ බව වාර්තා වේ.
ඔහු සමග මහර බන්ධනාගාරයේ රදවා සිටින තවත් අපරාධකරුවකු මෙම කුඩු ජාවාරමට එක්ව ඇති බව දැනගන්නට තිබේ.
වැලිසරදී කුඩු තොගය සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බව පොලිසිය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළුවල සහ අරාබි අක්ෂර යෙදූ කෝපි මළුවල ඇසුරුකම් කොට තිබු අතර එම මත්කුඩු තොගය පකිස්ථානයේ සිට ගෙන්වා ඇති බවද දැනගන්නට ඇත.