පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක මහතා සඳහන් කළේ , මැතිවරණය කල් දැමීම වැළැක්වීම දේශීයව සිදුකළ නොහැකි බව නිරීක්ෂණය වී ඇති බවයි.
මැතිවරණය කල් යෑම නිසා නාම යෝජනා භාර දුන් 80,000 කට අධික අපේක්ෂකයින්, මේ වන විට බරපතල අසාධාරණයකට ලක්ව ඇති බව ද මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර මැතිවරණය කල් දැමීමට එරෙහිව නැවත වරක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බවයි.
මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම, එදින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (24) නිවේදනය කළේ ය.
කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු, මේ සඳහා බලපා ඇති බවයි.
ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද කොමිසම නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.