හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස වැඩිහිටි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කර ඇත.
සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණත් කොරෝනා වසංගතය තවමත් නිමාවී නොමැති තත්ත්වයක් යටතේ වැඩිහිටියන්ට රෝගය බෝවීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඒ මහතා පෙන්වා දී ඇත.
මේ නිසා විවිධ රෝගාබාධ පවතින වැඩිහිටියන්ට කොරෝනා රෝගය වැළදීමේ වැඩි ඉඩකඩක් පවතින බවද සමරවීර මහතා පෙන්වා දෙයි.
එමෙන්ම ජනතාවද මුඛ ආවරණ පැළදීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතාම වැදගත් බව හෙතෙම සදහන් කර සිටී.










