20 වන සංශෝධනය ලියපු අය ගැන හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනයට ඉබේම යන බව පැවසූ ඔහු ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවද කියා සිටියේය.
ඉදිරියේදී සියලුම දෙනාගේ මතය විමසා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවත් නාමල් රාජපක්ෂ මහතා කීය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.