වාහන ආනයනය දැඩිව සීමාකිරීම හේතුවෙන් 2022 වසරේ ගත වූ කාලය තුළ අලුතින් ත්‍රිරෝද රථ ලියාපදිංචි කර ඇත්තේ 19 ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ 2021 වසරේදී ත්‍රීරෝද රථ 2,093 ක් සහ 2020 වසරේදි ත්‍රීරෝද රථ 7,150 ක් ලියාපදිංචි කර ඇති බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2011 වසරේ සිට 2020 වසර දක්වා වසරක නව ත්‍රීරෝද රථ ලියාපදිංචිය කිරීමේ සාමාන්‍ය 50,000 ක් ඉක්මවන බව නිශාන්ත වීරසිංහ පැවසීය.
2011 වසර තුළ ලියාදිංචි කර තිබූ නව ත්‍රීරෝද රථ 138,426 වසරක් තුළ ඉහළම ත්‍රීරෝද රථ ලියාපදිංචිය වන අතර, 2015 වසරේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ 129,547 ක් වේ.










