නාගරික සංවර්ධන අධිකාරිය සදහා කල්බදු ක්‍රමය යටතේ වාහන 28ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 33ක මුදලක් වෙන් කිරීමට ආණ්ඩුව කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.
මෙතෙක් නාගරික සංවර්ධධන අධිකාරියේ නිලධාරීන් හට කුලී ගෙවීමේ පදනම මත වාහන ලබා දී තිබී ඇති අතර ඒ සදහා එම නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව වශයෙන් පමණක් වාර්ෂිකව එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් වැයකිරීමට එම අධිකාරියට සිදුව තිබේ.
මෙම මුදල් නාස්තිය අවම කර ගැනීම සදහා කල්බදු ක්‍රමය යටතේ වාහන 28ක් මිලදී ගැනීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව පැවසේ.










