ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකාර තනතුර චමින්ද වාස් වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කර ඇත.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පළමු මෙම තනතුර වාස්ට ලබා දීමට පියවර ගැනුනද ගෙවීම්වල ප්‍රශ්නයක් මුල්කරගෙන එම තනතුරින් ඉල්ලා අස්වීමට වාස් පියවර ගෙන තිබිණ.
නමුත් ඒ මහතා සමග පැවැති සාකච්ජාවකින් පසු යළිත් එම තනතුර වාස්ට ලබා දීමටත් ගෙවීම් සම්බන්ධයෙන් නව ගිවිසුමක් අස්සන් තැබීමටත් එකගතාවකට පැමිණ ඇත.










