ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත්යන් තිදෙනා කෙසේ හෝ නම්කොට ලබන 5 වැනිදා එය යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ හරහා පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කොට ඇත.
ඒ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු සහභාගී වීමට නියමිතය.
මෙහිදී කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීමට නියමිත සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන එම නම් යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව වාර්තා වේ.
ලබන ජනවාරි 17 වැනි දිනට කැදවීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව කඩිමුඩියේ ලබන 5 වැනිදාට කැදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත්තේද මෙම නම් 3 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ අරමුණ ඇතිව බව පැවසේ.
මෙසේ කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව පත්කරගැනීම හරහා පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට පොටක් පාදා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බව විපක්ෂ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී ව්‍යවස්ථාදායක සභාවේ සුලු ජාතික නියෝජිතයා සම්බන්ධයෙන් සාකච්ඡා නොවනු ඇති බවක්ද දැනගන්නට ඇත.










