අද (19) දින නොවරදවාම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මීට සුලු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට හදිසි පණිවුඩයක් යවා තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මෙම පණිවුඩය නිකුත් වී ඇති බව දැනගන්නට ඇත.
අද දින මූල්‍ය පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර බොහෝදුරට විපක්ෂය ඊට ජන්දයක් ඉල්ලනු ඇති බවට ලැබී ඇති තොරතුර මත මෙම දැනුම් දීම සිදු කර ඇති බවද වාර්තා වේ.










