පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්,සහ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
මැතිවරණය උදෙසා මුදල් නිදහස් නොකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලේකම් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත්,පවත්නා බරපතළ තත්ත්වය මහපාරට පැමිණ ඇති අතර පසුගිය දා මැතිවරණයක් ඉල්ලා විරෝධතාවයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පලාත් පාලන අපේක්ෂකයෙකු මියගොස් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන විරෝධතා ඉදිරියේදී තවත් උග්‍රවිය හැකි බවද අවධාරණය කළේය.
එබැවින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.