පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කරගැනීම ඇතුළු විශේෂ කරුණු තුනක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්,සහ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ කාර්යාලයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පක්ෂ නායක හමුවක් කැදවා ඇති බවත්,ඉදිරි කටයුතු පිළිබදව එහිදී තීන්දු කළ හැකි බවත් කතානායකවරයා මෙහිදී සදහන් කොට තිබේ.
අදාල පක්ෂ නායක රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැඳවන ලෙස එහිදී විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කොට ඇති බවද දැනගන්න ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද එකඟතාවයක් මත එම තීරණය ගත හැකි පමණ කතානායකවරයා එහිදී පවසා තිබේ.
නමුත් එහිදී විපක්ෂ නායකතුමා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් මූල්‍ය ක්‍රියාවලිය උල්ලංඝනය වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡාවකට කැඳවීමේ අයිතිය කතානායකවරයා සතුව ඇති බව ය.