• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේනියා එපා: වහාම ජනතාවට සහන දෙන්න

October 15, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මේනියා එපා: වහාම ජනතාවට සහන දෙන්න
Share on WhatsAppShare on Facebook

ඉකුත් වතාවේ කොරෝනා අර්බූදය අතරතුර මැතිවරණ මේනියාවක සිටි ආණ්ඩුව මෙවර කොරෝනා සමයේ විසි වන ව්‍යවස්ථා සංශෝධන මේනියාවේ එල්ලී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටී.

එම නිසා මෙම බල අරගලය නවතා වහාම ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

නිවේදයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

දේශපාලන බල අරගලය වෙනුවට ජනතාවට වහාම සහන සලසනු.

මිනුවන්ගොඩ කේන්ද්‍රගතකොට හමුවූ කොරෝනා පොකුර රට පුරා තැන තැන ව්‍යාප්තව පවතින අතර එම තත්ත්වය එදිනෙදා ජන ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල කිරීමට හේතු වී තිබේ. මේ වනවිටත් ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය පනවා ඇති අතර තර්ජිත ප්‍රදේශ කිහිපයක් හුදකලා කොට තිබේ.

සහමුලින්ම රජයේ නොසැලකිලිමත් බව හේතුකොටගෙන කොරෝනා දෙවෙනි රැල්ල ඇතිවූ බව සත්‍ය තත්ත්වය යි. එහෙත් මේ ව්‍යසනය ආරම්භ වූ දා සිටම අප නිරන්තරයෙන්ම අවධාරණය කළේ කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබා දෙන බවයි. කෙසේ වෙතත් මේ ව්‍යසනය මොහොතේ පවා ආණ්ඩුව සුපුරුදු දේශපාලන සූදුවෙහි යෙදෙමින් සිටින අතර ව්‍යසනයේ පීඩාව අත්විදින ජනතාව පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

කොරෝනා ව්‍යසනය ආරම්භ වූ වකවානුවේ මැතිවරණයක් ආසන්නව පැවැති නිසා එදා කොරෝනා ව්‍යසනය දේශපාලන ව්‍යාපෘතියක් බවට ආණ්ඩුව පත් කරගත්තේය. සිය ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ලවා ජනතාවට අවිධිමත් ලෙස රු.5000/-ක දීමනාව බෙදා දීමට කටයුතු කළ ආණ්ඩුව මෙදා මිනුවන්ගොඩ  ඇතුලු ප්‍රදේශවල ජනතාවගේ කඩා වැටුණු ජන ජීවිත දෙස නෑසූකන්ව සිටීම කනගාටුවට කරුණකි.

කොරෝනා ආසාදිතයින් හමුවන නිවෙස් පිළිබදව විධිමත්ව සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකිරීමත්, එදිනෙදා ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය දීමනාවක් හෝ ද්‍රව්‍යමය සහනයක් හෝ ලබා දීමට ආණ්ඩුව මේ දක්වා විධිමත් ක්‍රියාමාර්ග නොගැනීමත් අවාසනාවන්ත තත්ත්වයකි.

මැතිවරණ සමයක එක් පිළිවෙතකුත්, මැතිවරණ නැති සමයක තවත් පිළිවෙතකුත් අනුගමනය කරන ආණ්ඩුව ජනතාව කෙරෙහි දක්වන ආකල්පය මනාව ඔප්පු කරමින් සිටී. ගියවර මැතිවරණ මේනියාවක යෙදෙමින් කොවිඩ්19 සමග සෙල්ලම් කළ ආණ්ඩුව මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේනියාවක යෙදෙමින් කොවිඩ්19 සමග සෙල්ලම් කරමින් සිටී.  ඔවුන් සෙල්ලම් කරන්නේ ජනජීවිත සමග බව ආණ්ඩුව වටහාගත යුතුය.

මේ මොහොතේ හුදු බලලෝභය සහ පටු දේශපාලන උවමනාව පසෙක දමා පීඩාවට පත් ජනතාවට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සහන සැලසීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වනලෙස අපි ආණ්ඩුවට නැවත නැවතත්  බලකර සිටිමු.

SendShareShare
Previous Post

පවිත්‍රා ගැසට් එක ගහයි

Next Post

ඉන්දීය මහකොමසාරිස් හදිසියේම මහින්ද හමුවෙන්න එයි

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.