මහජන ගැටලු පිළිබඳ සංවේදීව ජීවන වියදම පාලනය කොට ජනජීවිත ක්‍රමයෙන් යථාවත් කිරීමටත්, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් රජය කටයුතු කළ යුතු බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත්කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ.










