කරුණු 4ක් ඇතුළත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමිසංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපියේ කරුණු 4 වන්නේ වහාම තනතුරින් ඉල්ලා අස්වන ලෙසත්, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයකු තෝරන තරගයට ඉදිරිපත් නොවන ලෙසත්, විධායක බලතල ජනතා මර්දනයට පාවිච්චි නොකරන ලෙසත්, ජනවරමක් නොමැති රජයකට සුජාතභාවය නොදෙන ලෙසත්ය.










