• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසන්ත මුදලිගේ-සිරිධම්ම හිමි නඩුවේ විනිසුරුවරියට එරෙහිව පොලිසියෙන් පැමිණිල්ලක්! චෝදනා 4 මෙන්න! ‘මේ හදන්නේ බලපෑම් කරන්න’ -ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විරෝධය පළකරයි! ‘මම නොකී කරුණුත් තියෙනවා!’ විනිසුරුවරියත් අදහස් දක්වයි! අන්තිමේදී විනිසුරුවරිය අධිකරණය මාරු කරයි! VIDEO

January 17, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
නීතිපති උපදෙස් නෑ! වසන්තව ආපහු ඇතුළට දමයි!
Share on WhatsAppShare on Facebook

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් අද (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබීය.

ඒ, සැකකාර පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට දේශීය ඖෂධ සහ පෝෂණ අතිරේක ලබාදීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කිරීමෙන් පසුවය.

ඒ අතර වසන්ත මුදලිගේ ජනවාරි 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියම කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් සිදුකළේය.

“ස්වාමීනි, මෙම සැකකරුවන් මුලින්ම නොවැම්බර් මස 17 වනදා හා 22 වනදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී වසන්ත රත්නායක ඇතුළු 4දෙනෙකු පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා එම දිවුරුම් ප්‍රකාශ ඔබතුමිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙස. එම නිසා මෙම පැමිණිල්ල ඔබතුමිය විසින් විභාග කිරීම නුසුදුසු බව මගේ හැඟීම.” 

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැමිණිල්ලේ ඉල්ලීමට දැඩි විරෝධය පළකර සිටියේය.

අදාළ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කරන ලෙස එහිදී කොළඹ අතිරේක මහ‍ෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දන්වා සිටි අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එය ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළේය.

“මෙම සැකකරුවන් නොවැම්බර් මස 17 දා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය ප්‍රකාශයක් කරමින්  ‘ඔයාලා අරගල කළේ අපි හැමෝම වෙනුවෙන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කරලා තිබෙන නිසා ඇප ලබාදීමට හැකියාවක් නැහැ. පනතෙන් අපේ අත් බැඳලා තිබෙනවා. සැකකාර ස්වාමීන් වහන්සේට සිංහල බෙහෙත් ලබාගැනීමට අවශ්‍ය නම් ඒකට ඉඩ දෙන්න.” ලෙස දන්වා තිබෙනවා. එසේම සැකකාර සිරිධම්ම හිමියන්ට පස් පංගුවක් සහ සස්ටජන් ලබාදීම සඳහා ඔබතුමිය අධිකරණ නිලධාරීයෙකු වෙත රුපියල් 10,000ක මුදලක් ලබාදී තිබෙනවා.”

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ තමා මෙම ක්‍රියාව සිදුකළේ දෙවන සැකකාර සිරිධම්ම හිමි භික්ෂූන් වහන්සේ නමක් ලෙස සලකා මානුෂික චේතනාවකින් බවය.

“මා එම ප්‍රකාශය කළේ ත්‍රස්ත මර්දන කොට්ඨසයේ නිලධාරීන්ගේ ඉදිරිපිට. මා සඳහන් නොකළ ඇතැම් දේවලුත් එම කරුණු අතර තිබෙනවා. එසේ තිබියදී මාහට ප්‍රශ්නයක් ඇති කිරීම උත්සාහ කිරීම අනුමත කරන්න බැහැ.” යනුවෙන් මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.

එසේම අදාළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ දැයි මහෙස්ත්‍රාත්වරිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ අද දින හෝ හෙට (18) පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය තීන්දු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට යොමු කරන බවය.

ඒ අනුව, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වූ ඇප පිළිබඳව නියෝගය ජනවාරි 31 වනදා ප්‍රකාශයට පත්කරන බවය.

ඒ අනුව, වසන්ත මුදලගේ එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බව සඳහන් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතක් එක්ව අද නිවේදනයක් නිකුත් කර තිබේ.

SendShareShare
Previous Post

ඡන්දෙට හෙට ඉඳන් නාමයෝජනා කැඳවනවා! සෙනසුරාදා දවල් 12 වෙනකම් නාමයෝජනා දෙන්න පුලුවන්!

Next Post

‘පිරිමි-ගැහැණු’ සම්බාහන තහනම් කතාව බොරුවක්! ආයුර්වේද කොමසාරිස් වික්ෂිප්ත වෙයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.