• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරාය ගැන ජනපති ගන්න තීන්දුව උඩ ආණ්ඩුවම හිටගන්න ඕනෑ -ජොන්ස්ටන්

January 26, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
වරාය ගැන ජනපති ගන්න තීන්දුව උඩ ආණ්ඩුවම හිටගන්න ඕනෑ -ජොන්ස්ටන්
Share on WhatsAppShare on Facebook

නැගෙනහිර ජැටිය පිළිබදව ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත්, ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් පිල් බෙදීමට අවශ්‍ය නැති බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා තීරණය උඩ සියලු දෙනාම සිට ගත යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

විපක්ෂය එදා මේ සම්පත් විකුණන්න දා, ගිවිසුම් ගසා වැරදි තීන්දු තීරණ අරගෙන රට හිර කෙරූ බව කී අමාත්‍යවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවම පිළිගන්නා බවත් සදහන් කර සිටියේය.

කොට්ටාව මත්තෙගොඩ මාර්ගය හොදින් කාපට් අතුරා තිබියදී ජනතා මුදල් නාස්ති වන ආකාරයෙන් නැවත කාපට් අතුරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව එම මාර්ගයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

‘මීට පෙර කාපට් අතුරපු පාරකට නැවත වරක් කාපට් දානව කියලා ප්‍රදේශයේ ජනතාවගෙන් පැමිණිල්ලක් මට ලැබුණා. ඒ නිසා ඒ ගැන සොයා බලන්නයි මම ආවේ. නමුත් එහෙම දෙයක් නැහැ. මේ පාරෙ තියෙන්නෙ අවුරුදු හයකට කලින් දාපු කාපට් එකක්. මෙම මාර්ගයේ ගමන් කරන වාහන ප්‍රමාණය සමීක්ෂණය කර ඉන් පසුව තමයි මේ පාර හදන්න අරන් තියෙන්නේ. මට ලැබුණු පැමිණිල්ල සත්‍යතාවයෙන් තොරයි. මේ වගේ ජනතා පැමිණිලි ඉදිරිපත් වු වහාම පෞද්ගලිකවම ඒවා සොයා බලන වැඩපිළිවෙළක් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මම ක්‍රියාත්මක කර තිබෙනවා. පෞද්ගලිකවම මේවා ගැන සොයා බැලුවොත් තමයි මේවායේ ඇත්ත තත්ත්වය දකින්න පුළුවන්. නිලධාරින් බොරු කරනවාද? ලැබිලා තියන පැමිණිල්ල වැරදි පැමිණිල්ලක්ද? එකේ සත්‍ය අසත්‍යතාවය සියසින් දැකගන්න පුළුවන් වෙන්නේ මෙහෙම ආවහමයි.

මෙහිදී මාධ්‍යවේදීයකු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබදව අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා….

‘ විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂයම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා. හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිටගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්තම ඒ තීන්දු උඩ හිටගන්නයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල නව කොරෝනා පොකුරක් නිර්මාණය වීම පිළිබදව අදහස් දක්වමින්….

පාර්ලිමේන්තුවල පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. නගරවල පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. ග්‍රාමීය වශයෙන් හැම තැනම පොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒක තමා ඇත්ත තත්ත්වය. ජනතාවගෙන් ඉල්ලන්නේ පරිස්සමින් ඉන්න කියන එක. සෞඛ්‍ය ඇමතිනිය කොච්චර පරිස්සම් වුණාද? ඒත් එතුමියටත් රෝගය වැළඳුනා. එතුමිය කාන්තාවක් වශයෙන් කොවිඩ් මෙරටට ආ කාලයේ පටන්ම විශාල කාර්යභාරයක් ඉටු කළා. ලෝකයේ ජනාධිපතිවරුන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට, කලාකාරයන්ට, මේ රෝගය වැලඳිලා තියෙනවා. මේකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. නමුත් අපි ඉතාමත් සාර්ථකව මේකට මුහුණ දීලා තියෙනවා. රටේ ආර්ථිකය වැටෙන්න දීලා නැහැ. රටේ ජනතාවට එදා තිබුණාටත් වඩා හොඳ රටක් නිර්මාණය කරලා තියෙනවා. අපි ජනතාවට කියන්නේ කොතන කොහොම පොකුරු හැදුණත් අපි පරිස්සමින් ජීවත් වෙමු කියලා. ලෝකයටම අභියෝගයක් වුණු මෙම ගැටලුවට ජාතියක් විදිහට අපි මුහුණු දෙමු. .

සෞභාග්‍යයෙ දැක්ම රජ කරවන්න මේ රටේ මහ පොළොව තුළ මහා සංඝරත්නය ලොකු කැපවීමක් කරා. උන්වහන්සේලාගේ දැනුවත් කිරීම් විවිධ මතවාද ජනාධිපතිගේ දැඩි අවධානය යොමු වෙනවා. ඒ පිළිබඳ ඔබතුමා මොනවද හිතන්නේ යැයි මාධ්‍යාවේදියකු විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා..

මහා සංඝරත්නය විශාල හයියක් වුණා පසුගිය පිස්සු ආණ්ඩුව එලවන්න වගේම මේ රජය පිහිටුවන්න. උන්වහන්සේලාට අයිතියක් තියනවා ආණ්ඩුවට හරි වැරැද්ද පෙන්නලා දෙන්න. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවම අහනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ආණ්ඩුවක්.

SendShareShare
Previous Post

ජිනීවා සැර ලියුමට ආණ්ඩුවෙනුත් අද සැර උත්තරයක්

Next Post

ආයුධ අරන් ආ මැරයෝ ‘වැඩසිටි කන්ද’ බලෙන් අල්ලගන්න යයි

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.