අද (23) සවස 06 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වලින් පැය 48 ක කාලයක් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
නව ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවැරැදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි ඔවුන් පවසන්නේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.