පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ නියමිතව තිබෙනවා.
ඒ තරගාවලියේ පළමු තරගයට එක් වෙමින් වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායම අතරයි.
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද (16) ඔස්ට්‍රේලියාවේ කාර්ඩිනියා පාර්ක් හී ජිලෝන්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙම ශූරතාවය මිට පෙර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය, සහ ඔස්ට්‍රේලියාව එක් අවස්ථාව බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.
මෙවර තරගාවලිය සඳහා රටවල් 16 ක් තරග වදින අතර ජාත්‍යන්තර 20යි 20 තරග ආකෘතියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා සිටින කණ්ඩායම් 12 නිතරගයෙන් තරගාවලියට එක් වනවා. අනෙක් කණ්ඩායම් 2 තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුවයි.
අද ආරම්භ වන සුදුසුකම් ලැබීමේ වටයට එක් වන්නේ, ශ්‍රී ලංකාව, නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම්ය.