සති අන්තයේ රට අගුලු දැමීමට කටයුතු නොකරන බව යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමග කොරෝනා මර්දන බළකාය අද සවස පැවැති රැස්වීමකින් පසු හමුදාපතිවරයා මේ බව අනාවරණය කළේය.
කෙසේවෙතත් සතිඅන්තයේ උත්සව පැවැත්වීමෙන්, මහජනතාව එක්රැස්වීමෙන් සහ විනෝද චාරිකා යාමෙන් වැළකී සිටින ලෙසද යුදහමුදාපතිවරයා අවධාරණය කළේය.
එම නිසා හැකිතාක් සංචරණ කටයුතුවලින් මිදී නිවෙසට වී සිටින ලෙස ද ෂවේන්ද්‍ර සිල්වා මහතා කීය.