ලිට්රෝ ගෑස් සමාගම රුපියල් 100කින් ගෑස් සිලින්ඩරයේ මිල අඩු කර ගෑස් සිලින්ඩරයේ බර කිලෝ දෙකහමාරකින් අඩු කිරීමට කටයුතු කොට ඇත.
ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළ ගියද ආණ්ඩුව මිල වැඩි කිරීමට ඉඩ ලබා නොදීම හේතුකොට ගෙන ලිට්රෝ සමාගම මෙම කටයුත්ත සිදු කොට ඇති බව පැවසේ.
ඒ අනුව වෙනදා රුපියල් 1495ක් වූ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයේ මිල මේ වනවිට රුපියල් 1395 දක්වා පහත හෙලා තිබේ.
නමුත් මේ වනවිට ගෑස් සිලින්ඩරයෙහි සටහන් කොට ඇත්තේ ලීටර් 18ක් යනුවෙනි.
එහි බර ප්‍රමාණය බලන විට කිලෝ ග්‍රෑම් 2.17ක අඩුවීමක් දැකගන්නට ඇත.