ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ සමාගම් අතරින් ප්‍රමුඛතම සමාගමවන අතර සාමාන්‍ය රක්ෂණ අංශයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත.
රාජ්‍ය රක්ෂණය ලෙස මෙරට විශ්වාසදායීම රක්ෂණ සමාගම ලෙස කීර්තියක් ලබා ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 10කට අධික ලාභයක් 2021 වසරේ දී ලබා ගෙන ඇත. 2003 වසරේ සිට 2009 දක්වා පෞද්ගලික අංශය විසින් කළමනාකරණය කරනු ලැබූ අවධියේ රුපියල් බිලියනයකටත් අඩු සාමාන්‍ය වාර්ෂික ලාභයක් පමණක් ලබා ගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත නැවත රජයට පවරාගත් පසු 2010 වසරේ රුපියල් බිලියන 13ක් ද ඉන්පසු බිලියන 4කට අධික සාමාන්‍ය වාර්ෂික ලාභයක් ද ලබා ඇත.
එවන් තත්ත්වයක් තුළ රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීමට යෑම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.ඒ 27/2යටතේ ය.